What Binary Options Available Option වර්ග

3
585
what binary options
සරුසාර අනාගතයක් සඳහා ශක්තිමත් පදනමක්… #sarusara | Sri Lankan Investor Community

Binary Options කියන්නේ මොනවාද?

What Binary Options

දැන් අපි බලමු Binary Options කියලා කියන්නේ මොනවාද කියලා. නම කිව්ව ගමන් කට්ටිය සැලිලා ගියාට මේකෙත් මහ ලොකු දෙයක් නෑ. ඇත්තටම Binary Options වලදී කරන්න තියෙන්නේ Forex Trading හරි සාමාන්‍ය options trading වලට වඩා ගොඩක් සරල ක්‍රියාවලියක්.

කාලයත් සමඟ මුල්‍ය වෙළඳපළේ Stocks, Currencies, Commodities හෝ Indices වල වටිනාකමේ සිදුවන ඉහළ/පහළ යාම් වලින් සරලව හා වේගවත් ව ඉහළ ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ. මෙහිදී ඔබට කරන්නට තිබෙන්නේ, ඔබ යොදා ගන්නා වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය අනුව නුදුරු අනාගතයේදී අදාළ asset එකේ මිල වැඩිවන්නේද…අඩුවන්නේද යන්න නිගමනය කර සරල පියවර කීපයකින් trade එක යොදන එක විතරයි.

එක මොහොතකදී මිල ඉහළ යාම හෝ මිල පහළ යාම යන අවස්ථා 2 පමණක් තියෙන නිසා තමයි Binary Options වලට “Binary” කියන නම වැටිලා තිබෙන්නේ. මේ මොහොතේ මේ asset එකේ මිල ඉහළ හෝ පහළ යාම කියන අදහස වෙනුවෙන් කොපමණ මුදලක් ආයෝජනය කරනවද කියා තීරණය කරන්නේ ඔබයි. ආයෝජනය කරන මුදල එනම් ඔබ අවදානමට ලක් කරන මුදල ඔබටම තීරණය කළ හැකි වුණාට සෑම විටම ප්‍රතිලාභය නම් ස්ථාවරයි. ප්‍රතිලාභය තීරණය කරන්නේ ඔබ trade කරන Binary Options Broker විසින්.

තව පැයකින්… ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක මිල $100 වෙනවා කියලා ඔබ සිතනවා නම්,
Binary Options Trading වලදී මෙම Trade Idea එකේ ආයෝජනයෙන් පැයක් ඇතුලත ඔබට 80%ට වැඩි ප්‍රතිලාභයක් අත්කර ගත හැකියි.

අපි මේ කාරණය තවත් උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

ඔබ OptionTrade Account එකක, Gold Trade එකක් සඳහා $100ක් ආයෝජනය කරන්නට තීරණය කරනවා.
මෙහිදී යම් සලකන ලද කාලපරාසයක් තුල (ඊළඟ විනාඩි 15 කියමුකෝ) Gold Price එක Up ද Down ද වෙන්නේ කියලා ඔබ තීරණය කරන්නට ඕනෑ.

Call Options

ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ Gold මිල වැඩි වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට “රත්තරන්” Buy කරන්නයි තියෙන්නේ.

Call Options_sarusara.com
ඒ විනාඩි 15 අවසානයේදී Gold වල වෙළඳපොළ වටිනාකම ඔබේ තීරණය කළ අගයට වඩා වැඩි නම් ඒ මොහොතේම ඔබේ ගිණුමට $180ක් බැර වෙනවා.

Put Options

ඊළඟ විනාඩි 15 තුල Gold Price එක දැනට වඩා අඩු වෙනවා කියලාඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී යෙදිය යුත්තේ “Sell” Trade එකක්.

Put Options_Sarusara.com

ඒ විනාඩි 15 අවසානයේදී Gold වල වෙළඳපොළ වටිනාකම ඔබේ තීරණය කළ අගයට වඩා අඩු නම් ඒ මොහොතේම ඔබේ ගිණුමට $180ක් බැර වෙනවා.

Binary Options Trading කියන්නේ ඒ තරම් ම සරල කතාවක්. මේ විදිහට ඔබට අවශ්‍ය තරමක් දිගින් දිගටම trade කරන්නට පුළුවන්.

Options Trading සහ Binary Options Trading අතර සමානකම්

මම කලින් ලිපියෙන් කිව්ව සම්ප්‍රදායික options trading වලදී වගේම Binary Options Trading වලදීත්,

  • Strike Price,
  • Premium Price සහ
  • Expiration time

කියන 3 ඒ විදියටම තියනවා.

Options Trading සහ Binary Options Trading අතර වෙනස්කම්

වෙනස්කම් ගැන කියනවා නම් binary options වලදී ඔයා තමයි premium එක තෝරන්නේ. ඒ කියන්නේ ඔයාගේ trade idea එකේ risk තීරණය කරන එක තියෙන්නේ ඔයාගේ අතේ.

ඒ වගේම binary options වල expiration time එක සම්ප්‍රදායික options trading වල expiration time එකට වඩා ගොඩක් අඩුයි. කොච්චර අඩුයිද කියනව නම්, ඔයාට තෝරාගන්න පුළුවන් expiry time එක දවස් කීපයක ඉඳන් තත්පර 60ට වෙනකල් පරාසයක් දක්වා වෙනස් වෙන options වර්ග. සම්ප්‍රදායික options trading වලදී මේ expiration time එක සතියක ඉඳන් අවුරුදු කීපයක් වුණත් වෙන්න පුළුවන්.
සම්ප්‍රදායික options trading වලන් Binary options trading වෙනස් වෙන ප්‍රධානම තැන තමයි profit calculate කරන විදිය.

Call Options වලදි නම්,
ඔයාගෙ risk එක (නැතිනම් premium එක) select කරලා binary options trade එකකට enter වුණාට පස්සේ, option එක expire වෙද්දී, අදාළ asset එකේ market price එක strike price එකට වඩා වැඩියි නම් ඔයා ගොඩ. මේ trade එකෙන් ඔයාට ලැබෙන profit payout එක වෙන්නේ අර premium එකෙන් යම් ප්‍රතිශතයක්.

Binary options trading වලදී ඔයාගේ profit එක ස්ථිර අගයක්. ඒ කියන්නේ strike price එකෙන් පස්සේ කොච්චර market price එක වැඩි වුනත් ඔයාට profit එක විදියට ලැබෙන්නේ අර කලින් agree වෙච්ච percentage payout එක විතරයි. මේ percentage payout එක Binary options broker මත, ඔයා trade කරන asset එක මත වගේම අදාල trade එක දාන වෙලාව මතත් වෙනස් වෙනවා.

Put Options වලදී වෙන්නෙත් මේ ක්‍රියාවලියම තමයි. වෙනසකට තියෙන්නේ trade එකෙන් profit එකක් එන්න නම් market price එක strike price එකට වඩා අඩු වෙන්න ඕනේ.

what binary options

Binary Options Trading වලින් මුදල් උපයන හැටි දැනගන්න ඕනෙම නම් ඊලඟ ලිපිය කියවන්න.

1.කලින් පියවර                                                                                           3.ඊළඟ පියවර


සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න!
Source: Sarusara.Com

3 COMMENTS

LEAVE A REPLY