රස ගුණ පිරි කෙසෙල් (Tasty Banana)

1
435
Tasty Banana කෙසෙල්

රස ගුණ පිරි කෙසෙල් (Tasty Banana)

කෙසෙල් යනු අපේ රටේ අවුරුද්දේ ඕනෑම කාලයකදි ඕනෑම ප්‍රදේශයකදි දැකගත හැකි කව්රුත් ප්‍රිය කරන රසවත් ගුණවත් පළතුරක්. ඇපල් හා සැසදීමේදි කෙසෙල් වල හතර ගුණයක් ප්‍රෝටීනද, දෙගුනයක් කාබොහයිඩ්‍රේට ද, තුන්ගුනයක් පොස්පරස් ද, පස්ගුණයක් විටමින් A සහ යකඩද, අඩංගුවේ. එමෙන්ම ඉදීම වැඩිවන තරමට එහි ගුණාත්මක භාවයද ඉහල යයි. කෙසෙල් වල fructose, sucrose සහ glucose යන තුන් ආකාරයක සීනි හා තන්තු (fiber)වර්ග අඩංගු වෙයි.එම නිසා බොහෝ වේලාවක් කුසගිනි නොදැනි සිටිමට කෙසෙල් අනුභවය හේතුවක් වේ .මෑතකදි කරන ලද අධ්‍යනයන් මගින් සනාථ වී ඇති කරුණු අනුව ව්‍යායාම වල නිරතවන පුද්ගලයෙකුට විනාඩි 90 පමන කාලයකට අවශ්‍ය ශක්තිය ලබා දීමට කෙසෙල් ගෙඩි දෙකකට පුළුවන් .නමුත් මේ හැරෙන්නට කෙසෙල්වල ඇති තවත් ප්‍රයෝජන බොහොයි. මේ ලිපිය ඒ පිලිබදවයි.

ආතතිය – Depression
මෑතකදි කරන ලද සමීක්ෂනයකට අනුව යම් ආතති (Depression) තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් හට එයින් මිදීමට කෙසෙල් අනුභවය හේතු වේ .කෙසෙල් වල අඩංගු Aristophanes ප්‍රෝටීනය ශරීරය තුලදි serotonin නම් හෝමෝනය බවට පත් කරයි. serotonin යනු සතුට හා තෘප්තිය ඇතිකරවන හෝමෝනයකි. මේ නිසා ඔබට ආතතිය හෝ අතෘප්තකර බවක් දැනෙන්නේනම් වැඩි වැඩියෙන් කෙහෙල් අනුභව කරන්න.

රක්තහීනතාවය – Anemia
කෙසෙල් යනු යකඩ සපිරි පළතුරකි. එය රැධිරයේ ඇති හිමොග්ලොබීන් සෑදිමේ ක්‍රියාවලියට උපකාරි වේ . එමනිසා රක්තහීනතා රෝගයට කෙසෙල් අනුභවය ගුණය.

රුධිර පීඩනය – Blood Pressure
කෙසෙල් වල මද වශයෙන් අඩංගු වන ලුණු සහ පොටැසියම් රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගැනිමට උපකාරි වේ. මේ නිසා නිතර කෙසෙල් අනුභව කිරිමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම අවම කරයි.

මොළය – Brain
මොළයේ ක්‍රියාකාරිත්වයට කෙසෙල් උදව් වේ. එමෙන්ම මෑතකදි කල අධ්‍යනයක් අනුව උදෑසන කෙසෙල් අනුභව කරන සිසුන් හට දවස පුරා මානසික ඒකාග්‍රතාවයකින් යුතුව සාර්තකව තම අධ්‍යපන කටයුතු කරගෙන යෑමට හැකිය.

මත් ගතිය – Hangover 
බනානා ෂේක් එකක් පානය මගින් හිසේරුදාව කෙටිවේලාවකට යටපත් කර ගැනිමේ හැකියාව ඇත.

මදුරුවන් – Mosquito Bite
මදුරුවන් හා වෙනත් කුඩා කෘමීන් හපා කෑ ස්ථානවල කෙහෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත ඇතිල්ලීමෙන් වේදනාව පහවි යයි.

ස්නායු පද්ධතිය – Nerves
කෙසෙල් විටමින් c වලින් සපිරි පළතුරකි. එය ඔබේ ස්නායු පද්ධතියට සංසුන් කිරීමට හේතුවෙයි පිඩාකාරි රැකියාවක නිරතවන්නේ නම් කෙසෙල් අනුභවය කිරීම ඉතා යෝග්‍යය.

පිලිකා 
මෘදු සංයෝගයකින් සැදි ඇති නිසා අන්ත්‍රතුල (බඩවැල්) ඇතිවන යම් යම් ආබාධ සදහා කෙසෙල් අනුභවය ඉතා ගුණය.

උෂ්ණත්ව යාමනය – Body Temperature control
තායිලන්තයේ ගැබිණි මව්වුරුන් නිතර කෙසෙල් අනුභව කරයි. අළුත ඉපදුන දරුවාගේ ශරීර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට එය උපකාරි වේ.

කෙසෙල් වල බොහෝ ගුණ (Banana Amazing Health Benefits)

කෙසෙල් වල ගුණ (Banana Health Benefits)

1 COMMENT

LEAVE A REPLY