ධාතු පරිනිර්වාණය (Relic Nibbana)

0
276
ධාතු පරිනිර්වාණය Relic Nibbana

ධාතු පරිනිර්වාණය (Relic Nibbana)

ධාතු විස්තරය ඇති වංස කතාවල බුද්ධ සාසනයෙන් වසර පන්දහසක් (පණ දහසක් යි සමහරු කියති ) ගෙවුන කල සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා පරිනිර්වාණය වන බව සදහන්ය. එදිනට ස්තුපවල ඇති ධාතුන් වහන්සේලා අහසට පැන නැග අනුරාධ පුරයේ රුවන්වැලි සැයේ ඇති ද්‍රෝණයක් ධාතු හා එක්වෙයි. ධාතු නිදන්කළ දා සිට රුවන්වැලි සෑය තුල දැල්වූ සිංහ තෙල් පහන එදින නිවී යයි. ඉන්පසු නාගදීපයට වැඩ සියලු ධාතු මැණික් පුටුව මත පිහිටමින් නාගයන් ගේ වැදුම් පිදුම් වලට ලක්වන්නේය. අවසානයේ නැවතත් අහසට නැග එදා බුදුන් බුදුවූ බෝගස යට වජ්රාසනය මත පිහිටා, බුදුරුවක් නිර්මාණය වී පෙලහර පාන්නේය. සවනක් ඝන බුදුරැස් විදන්නේය. අවසානයේ මහත් ගිනිජාලාවක් පැනනැගි සියලුම ධාතු ආදාහනය වන්නේය. අළු හෝ දැලි කිසිවක් ඉතිරි නොවන්නේය.

විමර්ශනය.

ධාතු පරිනිර්වාණය අතිශෝක්තියෙන් ලියුවක් බව පෙනී යයි . එම කොටස මහායාන අභාෂයක් ලෙස පෙනේ. අවුරුදු පන්දහසක් තුල සිංහ තෙල් පහනක් දැල්වීමට කොතරම් සිංහයන් මැරිය යුතුදැයි රචකයා සිතා නැත.

වංස කතාවන් ලියවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සිය ගණනක් ගතවූ පසුය. එබැවින් එතෙක් කට වචනයෙන් ගෙන ආ කරුණු ලියවෙන්නේ රචකයාගේ නැණ පමණින් වටහා ගනිමින් ය. වර්තමානයේ ජන සන්නිවේදනය දියුණු වී ලෝකය විශ්ව ගම්මානයක් වී ඇතත් මින් වසර දෙදහසකට පෙර ලග ඇති ගම්මාන දෙකක් වුව රටවල් දෙකක් ලෙස සැලකීය. ගම්මානයක ජීවත් වන්නන් ඉන් බාහිර ලෝකය ගැන දන්නා දැනුම අල්ප විය . එබැවින් පුරාණ ලේඛන වල ඇති වාර්තා වශයෙන් ගත හැකි, පුද්ගලයන්, ස්ථාන හා සිදුවීම් හැර රචකයා විසින් සිතා එකතුකළ දේ පැහැදිලිව වෙන්කර හදුනාගැනීමට අප ඥානාන්විත විය යුතුය. උදාහරණයක් ලෙස, රජතුමා මෙසේ සිතීය, බුදුරජ්ජාණන් වහන්සේ මෙසේ අදිෂ්ඨාන කළේය යන කරුණු දැක්විය හැක. මක් නිසාද යත් බුදුවරයෙකු සිතුවේ කුමක්‍දැයි පැවසීමට මෙලොව කිසිවෙකුට නොහැකි නිසාය. එලෙසම තවත් කරුණු දැඩි භක්තිය නිසා අතිශෝක්තියෙන් ලියා ඇත. සමහර අවස්ථාවල රචකයා කැමති චරිත වඩාත් ඉස්මතු කර ලියා ඇත. මහාවංසය තුල ද්‍රවිඩ පාක්ෂික ආකල්ප ඇත. එහි එළාර රජු කිසි විටකත් හෙලා නොදකියි. එළාර රජු බැදවූ සීනුව, සිය පැටවා මියගිය එළදෙනක පැමිණ නාදකල බව කියවේ. එලදෙනකු ට එවන් සිතුවිලි පහලවේද ? එසේ කල හැකි ද? මේවා  අප නුවනින් දත යුතුය. රට එක් සේසත්කර විහාර රාශියක් කරවමින් දැවැන්ත ශාසනික මෙහෙවරක් කල  ගැමුණු රජු, තම පියාට ස්ත්‍රී සළු යැවූ නිසා දුෂ්ට ගමිනීය. තම පියා මැරු කාශ්‍යප නිකන්ම කාශ්‍යපය.

මනුෂ්‍යයන් හා සම්බන්දවූ නාග ගෝත්‍රිකයන් අරුම පුදුම මිනිස් වෙසින් ඇති නයි ලෙස දැක ඇති අතර, දේව ගෝත්‍රිකයන් හා දේවතාවන් පටලවාගෙන තිබේ. දේවතාවන්ට මෙන්ම නයින්ටද නම් (names) නැත , රජවරු නැත. සමහරවිට මුල් රචකයා එසේ සිතා නොසිටියත් පසුකලක පරිවර්තකයා එලෙස සිතන්නේය. යම් දුරක් ගලපාගත නොහැකි විට අහසින් ගමන්කළ බව සිතන්නේය.

ධර්මාශෝක රජු
අපගේ වංස කතාවල මෙන්ම සෙල් ලිපි වල, බොහෝ ගණනක් තිස්ස, අභය,ප්රියධර්ශි සහ ගාමිනි නම් සදහන් වන්නේය. ගමක ගම්පති ද ගාමිණි ලෙස හැදින්විය හැක. ඉන්දියාවේ ටැම් සහ ගල් ස්ථාන 33 ක දේවානම් පියධර්ශි යන නම ලියවෙන්නේය.  අවසාන වශයෙන් හමු වෙන කර්ණාටක පෙදෙසේ ඇති  ඉන් එකක අශෝක යන නම සදහන්විය (මෙය ව්‍යාජ ලිපියක් ලෙස සැලකේ) වසර 1915 වනතුරු දේවානම් පියධර්ශි කවුදැයි කිසිවෙකු නොදැන සිටියේය. “හියු එං සාං” හා පාහියන් වාර්තා මෙන්ම, අපේ මහාවංසය බැලු සුද්දා “සමුරාට් අශෝක” නම් වීර චරිතය ඉන්දියාවට තෑගි කළේ ය.

එදා සිට ඉන්දියාව මෙන්ම ලංකාවේද ඉතිහාසයේ මංමුලා විය. මක් නිසාද යත් මහා භාරතය නම් වූ පුරාන ඉතිහාසයක් ඇති ඉන්දියාව තුල කිසිම ග්‍රන්තයක අශෝක යන නම හෝ ප්රියධර්ශි යන නම ලියා නොතිබූන නිසාය.

ඉන්දියාව් අශෝක රජු සිටි නගරය ලෙස අනුමානවන පට්නා නගරයේ සිට අනුරාධපුරයට ඇති රේඛිය දුර(විස්ථාපනය) කිලෝමීටර 2000 කට වැඩි බව ඔබ දන්නවාද? සරල වශයෙන් ගමන් කිරීමේ දුර කිලෝමීටර 3000 කට වැඩි මිස අඩු නොවේ.

අපගේ වංසය කතා අනුව එදා අනුරාධපුර රජකළ දේවානන් ප්‍රිය තිස්ස රජුගේ නියෝජිතයන් අශෝක රජු හමු වී ඇත්තේ දින දාහතරක (14) ගමනකින් පසුවය. මේහිදී දින සතක් ජල මාර්ගයකත් දින සතක් ගොඩබිමිනුත් ගොස් ඇත. නැවත පැමිණීමේ දී ගතවී ඇත්තේ දින දොළහකි. රාහුල  කුමරු හා සමාන්තර නෑයෙකු  වූ භද්ද කච්චායනා කුමරිය(අමිතෝදන රජුගේ දියණියකි) තවත් තිස් දෙනෙකු වූ කාන්තාවන් සමග දඹදිව සිට පැවිදි වෙස් ගෙන ඔරුවක පාකර දැමු බවත්, පසුදා ලන්කාපුරට ලගා වූ බවත් සදහන්වන්නේ එම වංස කතාවලය.

එකල අද මෙන්, මන් මාවත් නොවීය, මංසන්දි වල යායුතු මග පුවරු නොවීය. අහාර පාන ලබාගැනීමට බෝජනශාලා රාත්‍රිය ගතකිරීමට නවාතැන් නොවීය. අඳුර වැටීමට පෙර නැවතීමට නවාතැනක් සොයාගත යුතුය. දිනකට මිනිසෙකුට ගමන්කර හැකි දුර, අශ්වයෙකුට ගමන්කර හැකි දුර සහ රුවල් ඔරුවකට පාවී යා හැකි දුර අන්තර්ජාලය ඇසුරෙන් සොයා බැලුවිට පෙනුනේ ඉතාම සුළු දුරක් ලෙසය. තාරුකා ශාසස්ත්‍රය ඔස්සේ දවල්ට ගමන්කළ නොහැක. මාලිමාවක් භාවිතා කලද  කඳු, ජලාශ, ගංගා සහ ඝන වනාන්තර තුලින් ගමන් කල නොහැක, ඒවා මගහරවා යා යුතුය. තවද විවිද ප්‍රදේශවල ජනකොටස් සිතන ආකාරය, භාෂාව මුළුමනින් ම වෙනස් ය. උදාහරණයක් ලෙස ලංකික සිංහල ජනතාවට යාපනයේ භාවිතාවන ද්‍රවිඩ භාෂාව කතාකළ නොහැක. තමිල්නාඩු ජනතාව හින්දි භාෂාව නොදනී.

ඉහත සදහන් ධාතු කතාව අනුව, වෙහෙර අසු හාරදාහක් සදහා අශෝක රජු ලබාගත් ද්‍රෝන සතක ධාතු කොපමණ ප්‍රමානයක් විය හැකිද ? එදා දේවානම් ප්‍රිය තිස්ස රජු සදහා දාතු ලබාගැනීමට පැමිණි  සුමන සාමනේරයන් හට අශෝක රජු පාත්‍රය පුරවා ධාතු ලබාදුන් බව සදහන් වේ. සාමාන්‍ය සිරුරක අස්ථි කුඩා කොටස් ලෙස ගතහොත් කොපමණ තිබිය හැකිද ? අශෝක රජුට පෙර තිබුනේ කුඩා ධාතු නිදන් කල විහාර අටක් පමණි . දෙවන පෑතිස් යුගයෙන් පසු ධාතු නිදන්කර තැනු චයිත්ය විශාල පරමානයක් ලංකාවේ පවතින බව සත්‍යකි ඒවාහි ඇති ධාතු ප්‍රමාණය සලකා බැලීමේදී, පාත්‍රයක් පුරවා ගත හැකි පමණටත් වඩා තිබෙන්නට පුළුවන. එසේ නම් පාත්‍රයක් පුරවාදුන් කතාව ප්‍රායෝගිකය.

දැන් ප්‍රශ්නය වන්නේ අශෝක රජු ඉන්දියාවේ සැදු වෙහෙර විහාර අසුහාර දහසට ධාතු ඉතිරිවූයේ කෙසේද යන්නය. අමනුෂ්යන් සිටියායි කියන ලක්දිව, බුදු පිරිනිවනට පෙර සැදු ගිරිහඬු සෑය පවතින මුත් ඉන් වසර තුන්සිය ගණනකට පසු අශෝක රජු සැදු වෙහෙර විහාර අසුහාරදහෙන් එකක් වත් අද ඉන්දියාවේ සොයාගැනීමට අපහසු වීමය.

දේවානන් ප්‍රිය තිස්ස රජුහට “අභය” නම් වැඩිමහල් සහෝදරයෙකු සිටියද ඔහු රජවූ බවක් අසන්න ට නැත. එලෙසම අශෝක රජුට “පියදාස” නම් වූ පෙර නමක් තිබු බවද සදහන් වෙන්නේය. දේශීය මෙන්ම විදේශීය විද්වතුන් සමහරකු පවසන්නේ  මේ චරිත දෙකම එක්කෙනෙකු බව ය. කෙසේ වෙතත් මේ දෙදෙනා ජීවත් වුයේ. එකම රටක බව නම් ස්ථිරය, එනම් ධර්මාශෝක රජු මෙන්ම මිහිඳු හිමියන් ද හෙළයන් ය. ඔවුන් සිටියේ ලක් පොලවේ නැගෙනහිර පෙදෙසේ එදා ජන්බුද්ධ්වීපය නම් කොටසේය. “මහරජ අප මුහුදෙන් හෝ ගොඩබිමෙන් නොපමිනියෙමු” (එසේනම් ගගකින් පැමිණිය හැක).

පුරාණ වංස කතා ඇසුරෙන් පොඩිමැණිකේ ජයරත්න මහත්මිය ලියු “සර්වඥ ධාතු” නම් පොතෙහි අශෝක රජු ගැන උපුටා දක්වන්නේ මෙසේය.

[අජාසත් රජු මරණයට පත්වී බොහෝ කාලයකට පසු බින්දුසාර නම් රජ කෙනෙකුට පුතුන්  සියයක් (100) සිටියහ. එම කුමාරවරු අතර සිටි අශෝක නම් කුමරු තම එක කුස සිටි “තිස්ස” කුමාරයා හැර, සෙසු කුමරුවන් අනු නවදෙනා මරා දැම්මේය, මුළු දඹදිව එක්සේසත් කොට රජවිය. එතුමා රජවුයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 කට පසුවය]

බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු අතරින් අද සොයා ගන්නට නොමැත්තේ තවුතිසා දෙව්ලොව සිළුමිණ සෑයත් වම උඩු දළදා වහන්සේ තැම්පත් කර ගන්ධාර දේශයත් ය. එලෙසම නාගයන් ලබාගත් උඩුගං බලා ගිය පාත්‍රයද සදහනක් නැත . ඒවා ඉන්දියාවේද නැත.

ඉහත ධාතු විස්තරය අනුව එදා අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව.301 – 308) ලැබුනේ යි කියවෙන හෙමමාලා හා දන්ත කුමරු වැඩමවූ මෑත ඉතිහාසය තුල කියවෙන දන්ත ධාතුව මෙන්ම ඉන් පෙර සදහන් වූ ධාතු ද, අදත් එලෙසම ලිඛිතව හා ජනවහරේ පවතින්නේය.

එසේනම් ඉන් වසර සියයකට පසු පැමිණ “පාහියන්” සහ වසර තුන් සියයකට පසුව පැමිණ “හියු එං සාං” දකින හා සදහන් කරන ධාතු කාගේ ඒවාද ? ඔවුන් සදහන් කරන බෝසත් හා බුදුපිලිමත්, බුදුන්ගේ සාටකයත්, උර්ණ රෝම ධාතුවත්, සුමන මාලාකරයා මල්පිදු ස්ථානයත් තිබුනේ මේ රටේම කොටසක නොවේද?

කපිලවස්තු ධාතු
කපිලවස්තු නම් ස්ථානය කොහේ තිබුනද, අජාසත්ත රජු එවන් වූ ස්ථාන සතක ධාතු ලබාගෙන වෙනත් තැනක නිදන්කළ  බව සදහන්ය. එලෙසම ඉන් වසර දෙසිය ගනනකට පසු එම ස්ථාන පරික්ෂා කර  ධර්මාශෝක රජුට ද ධාතු නොලැබිණ. පීප්පලි නුවර මොවුර්ය රජදරුවන් ට ද ලබාදී ඇත්තේ ධාතු නොව අඟුරු ය. විසිරුන ධාතු වලින් කුමන කොටස ලැබුනද ඒවා හි විශාලම කොටස මුන් පියලි වලට වඩා විශාල විය නොහැක.

මෑතකදී ඉන්දියාවෙන් ගෙන්වා පෙන්වූ විශාල ඇට කැබිලි මොනයම් ආකාරයකින් වත් සර්වඥ ධාතු නොවන බව ප්‍රකාශ කරන්නේ ඒවා අඩි ගණනක් යට බදුනක පොලවේ වලදමා තිබුණු ආකාරයෙන්ය, එම බදුනේ ඇති අකුරු ද පසුව නුහුරු අතකින් අද ඇති බව පෙනී යයි . ලොව කිසිම රටක බුදුන්ගේ ධාතු පොළවෙන් යට දමා නැත, ඒවා තැම්පත් කෙරුනේ පොළවෙන් පුළුවන් තරම් උස තැනක, නැතහොත් චිය්ත්ය්ය වලය.

මේකතාව නිම කිරීමට පෙර අප ඉතිහාසයේ වැරදුනු තවත් ස්ථාන දෙකක් පෙන්වාදෙනු කැමැත්තෙමි.

නාගදීපය
එදා චුලෝදර මහෝදර සිටි නාගදීපය අද යාපනයේ ඇති නාගදීපය නොවේ. යාපනයේ හුණුගල මත වූ දුපතක එවන් රජදහනක් තිබිය නොහැක . නියම නාගදීපය ඇත්තේ මහියංගන රීදීමාලියද්දේ අක්කර 750 ක් වූ නාගදීප වැව අසලය. මෙම වැව ආශ්‍රිතව තුන් පැත්තකින් ජලයෙන් වටවූ ගොඩබිමක් නිසා එය නාගදීප විය. අද එහි ගමක් ඇත. එහි පාසලේ ලියා ඇත්තේ “නාගදීප” විද්‍යාලය කියාය.

කැලණිය
එදා බුදුන් වැඩි, මනි අක්ඛික සිටි කැලණිය වර්තමාන කැලණිය නොවේ, මා මෙසේ කියන්නේ “මනි අගිය” නාගාරාමය යනුවෙන් සදහන් සෙල් ලිපියක් සමග සිරිපතුලක් සෝමාවතිය අසලින් හමුවූ බැවිනි. මෙය “යං නම්මදාය නදියා පුලිනේච තීරේ” යි සදහන්වූ නාගයනට වදියහැකි ජල ආශ්‍රිත සිරිපතුල විය නොහැකිද?

තවද අද ඇති එගොඩ කැළණි විහාරය හා මෙගොඩ රජමහාවිහාරය අතර වූ යේ කුඩා ගඟක් බවත් පසුවෙන් ජලයෙන් පැන එහා පැත්තට යා හැකි බවත් සදහන්ය. එහි බුදුරජු ගගට බැස, දියනා ගලක් මත සිවුරු සෝදා වේලීමට තැබූ බවත්, ජල සාටිකාව (දිය රෙද්ද ) අසල ච්යිත්යක තැම්පත් කල බවත් වාර්තා වේ. වර්තමාන විශාල කැළණි ගග ඉන්පසුව විශාල වූ බව පැවසේ. මීට වසර දෙදස්ගනනකට පෙර තිබු ගංගා අදවෙනවිට දිය සිඳී වියලී කුඩාවී ඇති නමුත්, කැළණි ගඟ කාලයාගේ ඇවෑමෙන් මෙතරම් විශාල වූ බව කිසිම තර්කයකට ගොචර නොවේ. කලින් එවන් කුඩාවූ ගංගාවක් තිබුණි නම් රත්නපුරය හා සමනල අඩවිය කාන්තාරයක්  විය යුතුය. මනි අක්ඛික සිටි පෙදෙස නැගෙනහිර පිහිටි මහවැලි ගගේ කොටසක් හෝ අතු ගංගාවක, මහවැලි ගග විවිද ආකාර වලින් විවිද දිසාවලින් ගලා ඇත. බොහෝ වංගු ඇත, විශාල ගල් තලා ඇත. අද අපි මුළු ගගම තනි නමකින් හැදින්වුවද එකල වෙනස් ප්‍රදේශ වලදී එකම ගඟ විවිද නම් වලින් හදුන්වා දී ඇත. වර්තමාන කැලණිය එකල වෙන නම්කින් තිබෙන්නට ඇත. කෙසේවෙතත් ගවුතම එතරවූ තොටුපලක් (ගොතටුව) ඇති බව පිලිගතයුතුය. තොටුපලක් ඇත්තේ විශාල ගඟකට මිස, පැන යා හැකි ස්ථානයක නොවන බව වැටහේ.

අනික් අතට කැලණිය අසල වසර දෙදහස් ගණන් පරණ රාජධානියක නටබුන් හෝ සෙල්ලිපි නැත. නැගෙනහිර හැමතැනම පුරාන රාජධානි ඇත.

විහාර මහා දේවිය මුහුදට බිලිකල එදා මුදෙන් යටවුයේ අදවගේම නැගෙනහිරය. කැලණිතිස්ස රජු සිටියේ පානම හැඩ ඔය අසල කලයන නොහොත් “කන්නක” නම් පෙදෙසක බවත් ඔවුන් කතරගම ක්ෂත්‍රිය පරපුරබවත් බවත් විමර්ශනාත්මක ලිපියක්  පොත් වල පළකර ඇත. විහාරමහා දේවිය ගොඩබැසු තැන අද කිරින්ද නොව නැගෙනහිර බව සොයාගෙන ඇත . එම කතාව හා සම්බන්ද සියලු ගම් වල නම් ද ඇත. මුහුදෙන් පැමිණි නිසා විහාර මහාදේවිය ඉන්දියන් නොවුයේ මෑත කාලයේ දුටුගැමුණු කතාව අපේ වංසකතාවල පැහැදිලිව සදහන් වූ නිසාය. නැත්නම් සුද්දා විසින්, බුදුරජුන්, විජය, අශෝකරජු මිහිදුහිමි මෙන් ම, දුටුගැමුණු රජු ද ඉන්දියානුවෙකු බව පවසා අපව නන්නත්තාර කරනු ඇත. නැගෙනහිර වූ ගම් වරින්වර ආ සුනාමි නිසා, සම්පූර්ණයෙන්ම සමූල ගාතනය විය. එබැවින් ජන්බුද්වීපය සොයාගැනීමට අපහසු විය.

ලංකික බෞද්ධයන් ගේ මුදුන්මල්කඩ වූ  ත්‍රිපිටකය අප වැඩියෙන්ම විශ්වාශ කරන පුරාන ලියවිල්ලය. බුදුන් වහන්සේ තනි පුද්ගලයෙකුට වුවද අතරමගදී කරනලද දේශනා සහිත එහි, සුත්ර 18,000ක් පමන ඇතැයි සදහන්වේ. වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ, වංසකතාවන් හි විශේෂයින් උලුප්පා දක්වන බුදුන් තුන් වරක් වැඩි, පරිනිර්වාණයෙන් පසුව සාසනය පවතින “ලංකා ” නම් වචනය ත්‍රිපිටකයේ දේශනාවල නැතිවීමය. සෝවන්වී කේශ ධාතු ලබාගත් සුමන රජු නැත, චුලෝදර  මහෝදර, මනි අගිය වැනි කිසිම නමක් නැත, ඔවුනට රහතුන් පන්සීය ගණනින් පිරිවරා ගෙන පැමිණ දෙසු සුත්‍රයක් නැත,  ලක්දිව වැඩසිටි සොලොස්මස්ඨාන නැත.

මෙයට හේතුව කුමක් දැයි සොයාගැනීමට ඔබහට  අවස්ථාව ඇත.

LEAVE A REPLY