Payza Sinhala Guide Easy Online Payment Processor Skrill Paypal Neteller

1
665
Payza Sinhala Guide

Payza Sinhala Guide

Payza කියන්නේ Neteller, Skrill, Paypal වගේ ජාත්‍යන්තරව පිළිගන්නා Online Payment Processor කෙනෙක්. Paypal වගේ නැතුව ලංකාවේ අපිට එදිනෙදා සිදුකරන්නට ඕනේ ගනුදෙනු වලට 100% ක්ම සහය දක්වන නිසා අන්තර්ජාල ව්‍යවසායකයන්ට නැතිවම බැරි Payment Processor කෙනෙක් කිව්වොත් නිවැරදියි.Payza Sinhala Guide

මේ ලිපිය ලියන්නේ සිංහලෙන් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වලින් ජයග්‍රහණය කරන අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනුයි.

අලුත් Payza ගිණුමක් සඳහා ලියාපදිංචි වීම. Payza Sinhala Guide

මුලින්ම අපි Payza වලට ගොඩ වෙමු. මෙතැනින්… 

Payza Sinhala Guide

දැන් sign-up වෙත යන්න.

මේ තිරයෙන් ඔබේ රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගිණුම් වර්ගය ලෙස Personal තෝරන්න. අපේ වැඩ කටයුතු හැම එකක්ම වගේ Personal ගිණුමකින් කර ගන්න පුලුවන්. Business ගිණුමක් හැදුවොත් verify කරගන්න එක ටිකක් කචල්. එක එක document වර්ග ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා Personal ගිණුමක් හදා ගන්න.

Payza Sinhala Guide

දැන් මතුවන තිරයෙන් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. මෙහිදී ඔබේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන ලෙස නැවත වරක් මතක් කරන්නට කැමතියි.

Payza Sinhala Guide

නිවැරදිව පිරෙව්වට පස්සේ Get Started වෙත යන්න.

Payza Sinhala Guide

ඊළගට තියෙන්නේ ඔබේ Payza ගිණුමට ලබා දුන් Email ලිපිනය තහවුරු කිරීම. දැන් ඔබේ Email ගිණුමට ගිහින් මේ විදියට ලැබිලා තියෙන Email එක open කරගන්න.

email validation

එහි ඇති validation link එක click කරන්න. එවිට ඔබව නැවතත් Payza වලට රැගෙන යාවි.

validat

දැන් තියෙන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නයි. මෙහිදීත් ඔබේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන ලෙසට මතක් කරන්න කැමතියි.

profile fill

ඔතැනින් Complete Profile Setup වෙත යන්න. ඊට පස්සේ මේ වගේ තිරයක් මතු වේවි.

why complete

දැන් Get Started වෙත යන්න. මේ තිරය මතු වේවි.

profession

එහි ඔබේ රැකියා ක්ෂේත්‍රයත් ඔබේ රැකියාවත් ඇතුළත් කරන්න. ඕක ඉතින් මොකක් දැම්මත් කමක් නැහැ. ඇවිත් බලන්න යැ.

ඊළඟට මේ තොරතුරු ඇතුළත් කරන්න.

address

ඔබේ දුරකථන අංකය ඇතුලත් කිරීම තමයි ඊළඟ පියවර.

phone no

දැන් ඔබේ Payza ගිණුමේ ආරක්ෂාවට අදාළ තොරතුරු ඇතුළත් කිරීමයි කළ යුත්තේ.

security

දුන්නා වගේ නෙවෙයි මේ Security Question එකට අදාළ පිළිතුර, Pin අංකය නම් හොඳින් මතකයේ තියාගන්න. මෙව්වා හැම ගනුදෙනුවකදී ම වගේ අවශ්‍ය වෙනවා.

දැන් මුලික කටයුතු ඉවරයි.

done

Take me home වලට යන්න. එතකොට ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.

adv sec

මේකේ ඔබට කැමති Message එකක් Type කරලා ඔබේ Transaction Pin එක යොදලා තහවුරු කරන්න. ඕනෙම නම් Edit Avatar ඔස්සේ ඔබේ Payza Avatar එක ගොඩ නඟා ගන්න. (අපි වගේ පොඩි එවුන්ට ඉතින් ඔව්වා magic :) )

මේ හැම දෙයක්ම කළාට පස්සෙත් ඔබේ Personal Area එකේ ඉහළින් වැටිලා තියෙන්නේ, Personal Unverified කියලයි.

unv

ඔබේ Payza ගිණුම Verify කර ගැනීම.

මුලින්ම ඔය පහළට තියෙන පොඩි ඊතලය click කළාම මතු වෙන drop down menu එකෙන් Verification තෝරන්න.

ver

ඒකෙන් ගියාම ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.

verify

මේ කියන්නේ Payza එක Verify කරන්න නම් මුලින්ම මේ හතරෙන් එකක් කරන්න ඕනේ කියන එකයි.

  • ඔබ Payza වලට Credit/Debit Card එකක් සම්බන්ධ කිරීමෙන්.
  • ඔබේ Payza ගිණුමට මුදල් යෙදවීමෙන්.
  • යම් අයෙකුට මුදල් යැවීමෙන්.
  • යම් අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්.

අළුත් කෙනෙකුට කරන්න පුලුවන් පහසුම දේ තමයි,

මෙතැන දෙවෙනියට තියෙන Add Funds ගිහින් ඔබේ Credit/Debit Card එකෙන් පොඩි මුදලක් Payza එකට යොදවන එක.

මොන ක්‍රමයෙන් හරි මේක කර ගත්තට පස්සේ තියෙන්නේ මේ Verification කියන තැනට ඇවිත්,

  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ Scanned Copy එකක් සහ
  • ඔබේ ලිපිනය තහවුරු කිරීම සඳහා මාස තුනක් ඇතුලත ඔබට ලැබුණු විදුලි බිලක්, ජල බිලක්, දුරකථන බිලක් හෝ බැංකු / Credit Card Statement එකක් මේ හරහා Upload කිරීමයි.

Upload කරලා දින 4-5ක් ඇතුළත කොහොමත් Verify  වෙනවා.

Payza වලට ඔබේ Credit/Debit Card එක සම්බන්ධ කිරීම.

Payza Home එකේ වම් පස Wallet > Credit Card වෙත යන්න. එවිට මෙවන් තිරයක් මතු වේවි.

credit cardඑහි ඔබේ නම, Visa Card අංකය, Card පත Expire වන මාසය සහ වර්ෂය, Card පත සඳහා අදාළ මුදල් ඒකකය (USD) යොදන්න.   ඉන්පසුව ඉදිරියට ගිහින් Confirm කරලා වැඩේ ඉවර කරන්න.

වැදගත්:

  • Payza වලට MasterCard සම්බන්ධ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා Neteller Net+ Card එක මේ වැඩේට පාවිච්චි කරන්න බැහැ.
  • සාමාන්‍යයෙන් Verified ගිනුමකදී නම් Card එකෙන් මාසෙකට Payza වලට යොදවන්න පුළුවන් මුදල $1000 යි. මෙන්න මේ limit එක වැඩි කරගන්නට ඕනේ නම් Card එක Validate කරන්න ඕනේ. ඒකට Card Statement එකයි, Card එකේ ඉදිරිපස හා පසුපස scanned copies දෙකකුයි ඕනේ වෙනවා.
  • Payza වලට කෙලින්ම Credit/Debit Card වලින් මුදල් යොදන එක වියදම් අධික වැඩක්. ඒ නිසා පුළුවන් හැම විටම exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒකට මම පාවිච්චි කරන සේවාව ගැන මේ ලිපියේ අන්තිමට ඇති.

Payza වලින් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබේ බැංකු ගිණුම හා සම්බන්ධ කිරීම.

මුලින්ම Wallet > Bank Accounts වෙත යන්න.

bank

Add Bank Account තිරය මේ විදිහට විවෘත වේවි. එහි මේ තොරතුරු ඇතුළත් කරන්න.

bank account

ගිණුම් අංකය, SWIFT අංකය නිවැරදිව ලබා දෙන්න. මෙච්චර කරලා වෙන කාගේහරි එකක් දෙන්න එපා ඉතින්.

bank account2

දැන් හරි.

Payza වලට මුදල් තැන්පත් කිරීම

ලංකාවේ අපිට බැංකු හරහා කෙලින්ම Payza වලට මුදල් යොදවන්නට බැහැ. ඒත් අපේ Credit/Debit Cards පාවිච්චි කරලා ලේසියෙන්ම Payza වලට මුදල් යොදවන්න පුළුවන්.

add funds

මගේ අද්දැකීමේ හැටියට Payza වලට මුදල් තැන්පත් කරන්න තියෙන අවම Transaction fee එකක් තියෙන විදිහ තමයි විස්වාසවන්ත Exchanger කෙනෙක් පාවිච්චි කරන එක. අවස්ථාවාදී Exchangers ලත් ඉන්නවා. ඒ නිසා ගොඩක් පරිස්සමින්. මම පාවිච්චි කරන Exchangers ලා ගැන මේ ලිපියේ පහළින් කියලා තියෙනවා.

Payza වලින් මුදල් ආපසු ලබා ගැනීම

Payza වලින් මුදල් ආපසු ගන්න ක්‍රම කීපයක්ම පාවිච්චි කරන්න පුළුවන්. පහසුම විදිහ තමයි අපේ Credit Card එකටම ගන්න එක. අනිත් විදිහ තමයි අපේ බැංකු ගිණුමට Wire Transfer එකක් හරහා ගෙන්වා ගන්න එක.

Payza Sinhala Guide

Transaction cost එක අවම විදිහ තමයි ඔයාගේ බැංකු ගිණුම හා සම්බන්ධව තියෙන Debit Card එකකට ගෙන්වා ගන්න එක. Payza වලින් මුදල් ආපසු ගන්න වඩාත් වේගවත්ම ක්‍රමයත් මේකම තමයි. මේකට ඔයාගේ Card එක Validate කරන්න ඕනේ නැහැ.

Payza වලට අදාළ Fees

මේ තියෙන්නේ Payza ගිණුම් වලට ලංකාවේ අපිට අදාළ Fees ගැන සටහනක්…

Payza Sinhala Guide

Payza වලට අපේ Credit/Debit Cards වලින් සල්ලි දාන කොට Bank Fees එහෙමත් එක්ක සෑහෙන ලොකු transaction cost එකක් තියෙනවා. මට හරිම ගණන ගැන අදහසක් නැහැ. දළ වශයෙන් 8-10% ක් වගේ කැපුණු අවස්ථාත් තිබුණා.

Payza වල Visa Card Deposit Limit එක වැඩි කරගැනීම.

සාමාන්‍යයෙන් අපේ ගොඩක් දෙනෙක් අතර සුලභ HNB Visa Debit Card එකකින් Payza එකට උපරිම වශයෙන් යොදවන්න පුළුවන් මාසෙකට $1000 යි. හැබැයි අවශ්‍ය නම් මේ වගේ Card කීපයක් මම ඉහත කිව්ව විදිහට Payza එකත් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්. 😉 ඒත් හැමෝටම Cards ගොඩක් නැහැනේ.

Visa Card Deposit Limit එක වැඩි කරගන්න තියෙන අනිත් විදිහ තමයි… Card Validation එක සම්පුර්ණ කිරීම. මේක කළාම අපේ මාසික Deposit Limit එක දෙගුණ වෙනවා කියලයි කියන්නේ.  හැබැයි මේ වැඩේ කරන්න නම් ඔයාගේ නම Print කරලා තියෙන Credit/Debit Card එකක් ඕනේ වෙනවා. ඒ වගේම Card Statement එකක Scanned Copy එකකුත් ඕනේ වෙනවා.

Payza එකට Log වෙලා වම් පැත්තේ Wallet > Credit Cards වෙත යන්න.

card-valdation-1

ඊට පස්සේ ඔයාට ඔයා මේ වෙනකොට Payza එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන Cards ලැයිස්තුව පෙන්වයි. මේ ලැයිස්තුවෙන් ඔයාට Verify කරන්න ඕනේ Card එක තෝරලා Validate කියන තැන Click කරන්න.

card-valdation-2

ඊට පස්සේ Card එක Validate කරන්න නම් කරන්න ඕනේ දේවල් තුන දැක්වෙන තැනට ඔබව රැගෙන යාවි.

මුලින්ම ඔයා Validate කරන්න බලාපොරොත්තු වෙන Credit/Debit Card එකට අදාළව, මීට මාස තුනකට වඩා පරණ නැති Card Statement එකක Scanned Copy එකක් ඇතුළත් කරන්න.

card-valdation-3

ඊළඟට ඔබ Validate කරන්නට බලාපොරොත්තු වන Card එකේ ඉදිරිපස Scanned Copy එකක් ඕනේ.
මතක ඇතුව මේක Upload කරන්න කලින් ඔයාගේ Card Number එකේ අන්තිම ඉලක්කම් හතර විතරක් පේන විදිහට සකසාගෙන ඉන්න. වැදගත් : මේ සඳහා ඔබේ නම Print කරලා තියෙන Credit/Debit Card එකක් ඕනේ වෙනවා.

card-valdation-4ඊළඟට ඔබ Validate කරන්නට බලාපොරොත්තු වන Card එකේ පසුපස Scanned Copy එකක් ඕනේ.
මතක ඇතුව මේක Upload කරන්න කලින් ඔයාගේ Card එකේ CVV Number එක නොපෙනෙන විදිහට සකසාගෙන ඉන්න.

card-valdation-5

දැන් තියෙන්නේ ඉදිරියට ගිහින් Review කරලා වැඩේ Complete කරන්නයි. මේ Card Validation එකටත් සතියක් දෙකක් විතර ගත වෙනවා. :)

Payza වලින් RevShare ව්‍යාපාර වලට මුදල් යෙදවීම…

ඔබ නිරත වෙලා ඉන්න RevShare වෙබ් අඩවි වලට Payza වලින් මුදල් යොදවන්නේ කොහොමද කියන එකට මම එක උදාහරණයක් දෙන්නම්. ගොඩක් දෙනෙක් බැහැලාම ඉන්න FAP තමයි මම මේ වැඩේට යොදාගන්නේ.

මුලින්ම අදාල RevShare වෙබ් අඩවියේ ඔබ AdPacks මිලදී ගැනීමට බලාපොරොත්තු වන ප්‍රමාණයට අනුව Payza හරහා මුදල් යොදවන මූලික පියවර සම්පුර්ණ කරන්න. සුළු මොහොතකින් ඔබව Payza වෙත රැගෙන යාවි.

එවිට… මේ නිල් ඊතලයේ දැක්වෙන පරිදි Payza Member තෝරන්න. ඔබේ Email එක සහ Password එක යොදා Payza වෙත log වෙන්න

payzafunding1

ඊළඟට Payza e-Wallet තෝරන්න. අනිත් දේවල් ගැන හිතන්න එපා. :)

payzafunding2

ඊළඟට ඔබේ Payza Transaction Pin එක යොදන්න. මේක යොදපු ගමන් ගනුදෙනුව සිදු වෙනවා. Payza Sinhala Guide

payzafunding3

ඊළඟට නැවතත්… ඔබේ RevShare Web අඩවියට රැගෙන යන්න. මෙතැන Click කරන්න.

payzafunding4


සමහරු Add Funds පියවර සම්පුර්ණ කරලා fun එකේ ඉඳලා දවසකින් දෙකකින් විතර මගෙන් අහනවා… කෝ කිව්වා වගේ Earnings එන්නේ නැහැ නේ කියලා… සල්ලි දැම්මටම මදි ගිහින් Ad Packs ගන්නත් ඕනේ, Earnings ලැබෙන්නට නම්… ඒක අමතක කරන්න එපා.

Forex සහ Binary Traders ලා වෙත වචනයක්…

ඔබ Neteller එකෙන් Withdraw කරලා ලංකාවේ බැංකු ගිණුමකින් ඔබේ Debit Card එක හරහා Payza වලට මුදල් යොදවන්නට අදහස් කරනවා නම් 15%-20% ක විතර ලොකු Transaction Cost එකක් දරන්නට සිදුවෙනවා නොඅනුමානයි.

ඒ වැඩේ 9% කින් කරගන්න තමයි මම මෙන්න මේ Exchanger ව පාවිච්චි කරන්නේ. දැනට මම $2000 ක් විතර මේ හරහා හුවමාරු කරලා තියෙනවා. මීට වඩා අඩු Cost එකක් තියෙන විකල්පයක් තියෙනවා නම් මටත් කියන්න.

Magnetic Exchange

  • අළුත් ගිණුමක් හදලා Full Verification එක කලාට පස්සේ හැම ගනුදෙනුවක්ම ක්ෂණිකව සහ ස්ව්‍යන්ක්‍රියව කරන්න පුළුවන්.
  • Neteller ඉඳන් Payza වලට Transaction Fee එක 3% යි. නමුත් Neteller Sending Fee එකයි. Payza Receiving Fee එකයි ඔක්කොම එකතු වුණාම 9% ක් විතර වෙනවා.

Magnetic Exchange ගිණුමක් විවෘත කරගන්න…මෙතැනින්…

Skrill පාවිච්චි කරන අයට…

ඔබ Skrill පාවිච්චි කරන කෙනෙක් නම් Skrill එකෙන් Neteller එකට දැන් 1.9% ක transaction cost එකක් යටතේ සල්ලි යොදන්න පුළුවන්. එක් ගනුදෙනුවකදී $0.01 සිට $500 දක්වා මේ ක්‍රමයෙන් Neteller එකට මුදල් හුවමාරු කරන්න පුළුවන්.


එහෙනම්… දැන් ඉතින් ගිහින්… Payza Sinhala Guide

ඔබේම Payza ගිණුමක් විවෘත කරගන්න.

Payza ගැන තව දැනගන්න ඕනේ දෙයක්, මට වැරදුනු හෝ මඟ හැරුණු තැනක් තියෙනවා නම් කියන්න. අනිවා මේ ලිපියට එකතු කරන්නම්.

ජයවේවා!

සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න.
Original Article: Sarusara.com

1 COMMENT

  1. […] FAP එකත් එක්ක මුදල් ගනුදෙනු කරන්න ලංකාවේ අපිට නම් තියෙන්නේ Payza තමයි. තවම ඔබට Payza ගිණුමක් නැති නම් මේ ලිපිය කියවලා හදාගෙනම ඉන්න. [ Payza Sinhala Guide | සිංහලෙන් Payza ගැන හැමදෙයක්ම…] […]

LEAVE A REPLY