Binary Options Trading සඳහා ඔබගේ මනස සුදානම් කර ගැනීම

0
625
Options Trading Psychology

Options Trading Psychology

Binary Options Trading සඳහා ඔබගේ මනස සුදානම් කර ගැනීම

ඕනෑම තරාතිරමක ඉන්න නිරන්තරයෙන් සාර්ථක Binary Options Trader කෙනෙකුට අත් කර ගන්න පුළුවන් ඉහළම මට්ටමේ ජයග්‍රහණය තමයි තමන් trade කරන විටදී නියමාකාරයට තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීමේ කලාව හරියටම ඉගෙන ගන්න එක. මෙතනදී අපි වෘත්තීය මට්ටමේ trader කෙනෙකු ලෙස සිතන්නට පුරුදු වෙන්නට ඕනේ. Trading Psychology කියලා කියන්නේ market එකේ මේ මොහොතේදී ඇත්තටම වෙන දේත් ඔබේ සිත තුලින් නිර්මාණය වන්නාවූ හැඟීම්, නැඹුරු වීම් සහ වෙනත් බාහිර සාධක අතරේත් වෙනස්කම් පිලිබඳ ගැඹුරු ලෙස විමසා බැලෙන අධ්‍යයනක්.

ඇත්තම කිව්වොත් Binary Options Trading ගොඩ දාන හැටි එච්චර අමාරු නැහැ. ඒත් නිවැරදිව අපේ emotions පාලනය කරගන්නේ කොහොමද කියලා ඉගෙනගන්න එක නම් දැඩි කැපවීමෙන් යුතුව උත්සාහ නොකළොත්, ටිකක් අමාරු සෑහෙන කල් ගත වෙන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට අපි හිතන්නේ market එක පරදවලා අපි ජය ලබන්නේ කොහොමද කියන එක ගැන මිසක් තමන්ගේ සිතුවිලි පාලනය කරලා යටි සිතෙන් trading ක්‍රියාවලියට ඇතිකරන අහිතකර බාධක අවම කරන්නට නෙවෙයි. ඔබට trading වලින් සාර්ථකත්වයට පත්වෙන්නට තියෙන ප්‍රධානතම බාධකය තමයි ඔබේ යටි සිතෙන් ජනිත කරන අහිතකර සිතුම් පැතුම්. ඔබ පැය ගණනක් ගත කරලා ඉතාමත් අනර්ඝ මට්ටමේ වෙළඳපළ විශ්ලේෂණයක් සිදු කළත් එක අහිතකර සිතුවිල්ලක් නිසා ඔබේ මුළු trading account එකම වුණත් නැති වන්නට හැකියාවක් තියෙනවා.

Binary Options Trading වලට ඇතිවිය හැකි Trading Psychology බලපෑම්

මම කලින් කිව්ව වගේ ගොඩක් tradersලා තමන්ගේ original trading ideas, trading plans සහ තමන් පිළිපැදිය යුතු trading rules වලින් ඔබ්බට ගිහින් අනවශ්‍ය දේවල් කරන්න හදලා විශාල ලෙස පාඩු ලබන්නේ Trading Psychology වල බලපෑම් නිසයි. සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය නිසා අපිට Trading Psychology වල බලපෑම් 100%ක්ම පාලනය කරන්නට බැරි වුණත් පොඩ්ඩක් උත්සාහ කළොත් ඒ බලපෑම් අවම කරන්නට නම් බැරි කමක් නැහැ.

ප්‍රධාන වශයෙන් මෙවැනි බලපෑම් වර්ග පහකට ගොනු කළ හැකියි.

  • Fear (බිය)
  • Greed (ඉක්මනින් සල්ලි ගොඩක් හොයන්නට තියෙන ආශාව, මේකට හරිම වචනේ “තණ්හාව/කෑදරකම”)
  • Ego (මම තමයි de “පොර” කියා සිතීම)
  • Revenge (පළිගැනීමේ චේතනාව)
  • Euphoria (උල්ලාසය… trade 2-3ක් දිනන විට තවත් දිනන්නට උත්සාහ කිරීම)

Fear

Trade කරනකොට ඇතිවන්නට පුළුවන් වඩාත් විනාශකාරීම සිතුවිලි වලින් එකක්. බය කියන්නේ දුක, වේදනාව, පසුතැවීම, කණස්සල්ල, තිගැස්ම සහ අනවශ්‍ය ලෙස කලබල වීම එකට කැටිවුණ සිතුවිල්ලක්.  ඔබ මෙහිදී නියමාකාරයෙන් මේ බිය කියන සිතුවිල්ල හඳුනාගෙන කටයුතු නොකළොත් අනිකුත් වඩාත් අයහපත් සිතුවිලි වන තරහව, වෛරය, එදිරිවාදී බව සහ පළිගැනීමේ චේතනාව දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. එතකොට ඇතිවෙන්නට පුළුවන් අවසාන ප්‍රතිඵලය ගොඩක් භයානකයි.

Binary Options Trading වලදී අපිට මේ බිය 3න් ආකාරයකට අර්ථ දක්වන්නට පුළුවන්.

  1. තමන්ගේ Analysis, Trade Ideas වැරදෙයි කියා බිය වීම
  2. තමන්ට පාඩු සිදුවෙයි කියා බිය වීම
  3. තමන්ට හොඳ trades මඟ හැරෙයි කියා බිය වීම

ඔබ වඩාත් හොඳින් සිතා බැලුවොත් මේ හැම එකක්ම එකින් එකට බැඳිලා තියෙන බව වැටහේවි. තමන්ට වැරදුනොත් තමයි පාඩු සිදු වෙන්නේ. නිවැරදි market analysis එකකින් පසුව live trade එකක් enter කරන්නට අදිමදි කරන්නෙත් මේ බය හින්දයි. හොඳ trades මඟ හැරෙයි කියා බිය වීම නිසා අනවශ්‍ය විදියට වැඩිපුර trade කරන්නට යාමත් බියේ ලක්ෂණයක්.

ඒ නිසා සාර්ථක trader කෙනෙක් වන්නට උත්සහ කරන ඔබ හැම තිස්සෙම අපක්ෂපාතීව ඉන්න ඕනේ. තමන්ගේ trading strategy එකට අනුකුල නම් දකින ඕනෙම trade එකකට enter වෙන්න ඕනේ.

Greed

මේක trading වලදී බලපාන තවත් ලොකු මානසික ප්‍රශ්නයක්. කෙටි කාලයක් ඇතුලත වැඩි ප්‍රතිලාභයක් ගන්න ආශාවෙන් Trader ගේ සිත තුල ඇතිවෙන පමණට වඩා ලොකු ආත්ම විශ්වාසයට තමයි තණ්හාව කියලා කියන්නේ. Binary Options Trading වලදී ඉක්මණින් ලාභ ලබන්නට වගේම ඉක්මනින් පාඩු සිදු කරගන්නටත් ලොකු අවකාශයක් තියෙන නිසා මේ සිතුවිල්ලෙන් ලොකු හානියක් ඇති වෙන්නට පුළුවන්.

මේ Greed එක නිසා වේගයෙන් ලොකු මුදලක් උපයන්නට පුළුවන් 60 Second Options,  30 Second Options වලදී සමහර traders ලා කිසිම edge එකක් නැතුව අනවශ්‍ය විදියට වැඩිපුර trades යොදන්නට ගිහින් විශාල වශයෙන් මුදල් නැති නාස්ති කර ගන්නවා.

Ego

ඉතා වැදගත් ප්‍රශ්නයක්. සෑහෙන දෙනෙකුගේ අසාර්ථකත්වයට බලපාන ප්‍රධානතම හේතුවක්. තමන්ගේ trading mistakes පිළිගන්නට අසාමාන්‍ය විදියට අකමැති වීමත්… තමන් යොදපු trade එක ක්‍රමයෙන් loss එකක් වෙන තුරු අසරණව බලාගෙන සිටීමත් සිදුවෙන්නේ මේ නිසයි. අනවශ්‍ය විදිහේ දැඩි ආත්ම විස්වාසයකින් යුතුව නිතරම තමන් හරි කියන තැන ඉන්නවා නම් වැඩේ අවුල්.

නරකම දේ තමයි එක දිගට මේ වගේ වැරදි කීපයක් සිදු කළාට පස්සේ market එකෙන් පළිගන්නට බලාගෙන trade කරන එක.

Revenge

තමන්ට හොඳටම sure trade එකක් වැරදුනාම, එක දිගට losses පේළියක් ලැබුණාම ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි revenge trading කියන්නේ. Trading වලදී කිසිම වෙලාවක sure දේවල් නැහැ. ඉඳ හිට losing trade එකක් දෙකක් ඇතිවෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.

Revenge Trading කරනකොට කිසිම analysis එකකින් තොරව හිතුන හිතුන විදිහට Trade කරන්නට යනවා. මේ තත්වය හොඳින් වටහා ගෙන ක්‍රියා කරන්නට ඕනේ.

 

Euphoria

තමන්ගේ account එකට දරන්නට පුළුවන් උපරිම ප්‍රමාණයේ Premium එකක් / risk එකක් දරපු trade එකක් හරි ගිහින් ලොකු ලාභයක් ලැබුවම එහෙම නැතිනම් එක දිගටම තමන් යොදපු trades කීපයක්ම සාර්ථක වෙලා ලාභ ලැබුවම පුංචි ආඩම්බරයකුත් එක්ක ඇතිවෙන ජයග්‍රාහී හැඟීම නිසා edge එකක් නැතුව අනවශ්‍ය trades වලට යොමු වීමට තමයි Euphoria කියන්නේ. මේ විදිහට අනවශ්‍ය trades යොදලා විශාල වශයෙන් පාඩු ලබන අය ඕනෑ තරම්.

මට අන්තිමට කියන්න තියෙන්නේ…

සාර්ථක Trader කෙනෙක් වන්නට නම් Trading Psychology ඉතාම වැදගත්. Trading වලින් සාර්ථකත්වයට පත් වෙන්නට නම් ඔබ Trading Psychology වලින් ඇතිවන බලපෑම් අවම කර ගත යුතුයි.

එසේ Trading Psychology වල බලපෑම් අවම කර ගැනීමට නම් ඔබ එම බලපෑම් පිළිබඳව හොඳින් දැන සිටිය යුතුයි.

 

LEAVE A REPLY