අඩු ට්‍රැෆික් එකකින් ඇඩ්සෙන්ස් වලින් ලොකු මුදලක් උපයන විදිය..

0
224
low traffic high adsense earning

Low traffic high Adsense earning

අඩු ට්‍රැෆික් එකකින් ඇඩ්සෙන්ස් වලින් ලොකු මුදලක් උපයන විදිය…

low traffic high adsense earning

මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක පල කරන්නේ යාලුවෝ කීප දෙනෙක්ගේ ඉල්ලීමක් අනූව.
ඊට අමතරව කීප දෙනෙක් ඉල්ලීමක් කලා ඒ ක්‍රමය පහදලා දෙන්න කියලා.
ඒ කියන්නේ පොඩි ට්‍රැෆික් එකකින් ( උදා: දවසකට Visitorsලා 200 කින් වගේ ) ලොකු මුදලක් Adsense හරහා උපයන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න කියලා (low traffic high adsense earning).
ඇඩ්සෙන්ස් කියන්නේ උල්පතක්.

හරියට හෑරුවානම් ආයේ ඉතින් අවුරුදු ගනනාවක් හොදට හොයන්න පුලුවන්.
හැබැයි මුලදී යම් කැපවීමක්, උත්සාහයක් අවශ්‍ය කරනවා මේ වැඩේට.
ඒ වගේ මහන්සි වෙන පුද්ගලයින්ට මම මට හැකි උපරිමෙන් උදවු කරනවා. අනිවාර්යෙන්ම.
නමුත් අනුන්ගේ දේ හොරකම් කරලා හම්බ කරගන්න පුලුවන් දෙයක් නෙවෙයි ඇඩ්සෙන්ස් කියන්නේ නම්.
අන්න ඒ Stealing Method එක උපන් දා සිට පුරුදු වෙලා ඉන්න මහත්තුරුන්ට නම් Adsense අරහං තමයි.

මොකද ඒ වගේ මිනිස්සුන්ට ඇඩ්සෙන්ස් විතරක් නෙවෙයි සමාජේ වෙන රැකියාවක් කලත් ඉහලට යන්න නම් බැහැ.
ගියත් වැඩි කල් ඉන්නත් හම්බ්වෙන්නේ නැහැ. හේ හේ .
ඒ ගැන කතා කරන්න නෙවෙයි මේ ලෑස්ති වෙන්නේ නම්.
අවංකවම ගොඩ යන්න මහන්සි වෙන මිනිහෙක්ට මම උදවු කරනවා අනිවාර්යෙන්ම.

ඒ නිසයි මේ ක්‍රමය අද ත්‍රෙඩ් එකකට එකතු කරන්නේ මගේ කාල වෙලාව වෙන් කරගෙන.
මෙහෙමයි. මේ ත්‍රෙඩ් එකත් කොටස් වශයෙන් තමයි දාන්නේ නම්. මොකද මට වෙලාව ගැන පොඩි ගැටලුවක් තියන නිසා.

සරලව කියනවනම් අපි මේකයි කරන්න යන්නේ.
Adsense Most Highest Paying Keywords මොනවද සහ ඒවායින් අපි කොහොමද අඩු ට්‍රැෆික් එකකින් ඉක්මනින්ම ලොකු මුදලක් උපයා ගන්නේ කියන එක.

අඩු ට්‍රැෆික් එකක් කිවුවාම අවතක්සේරු කරන්න එපා.
මොකද මම අඩු ට්‍රැෆික් එකක් කිවුවාම ඒක ඇතුලේ ලොකු දෙයක් ගැබ් වෙලා තියනවා.
මොකද මේ අපි හදන්න යන සයිට් එක ඇත්තටම Micro Niche සයිට් එකක්.
එතකොට අපි ඒ සයිට් එකට යොදන පෝස්ට් සුපිරිම Quality එකට, සහ කියවන්න ලේසි, හැගීම් ඇති කරවන, මාතෘකාව අර්ථවත් කරන, ලස්සන පොස්ට් විය යුතුමයි. ඒ වගේම මේ සයිට් එකට අපි යොමු කරවන්නේ Niche එකට අදාල ට්‍රැෆික් එකක් විතරයි.

අන්න ඒ නිසයි මම උඩින් කිවුවේ ට්‍රැෆික් එක පොඩි වුනාට එන්නේ 100% ක් Targeted ට්‍රැෆික් එකක් වීම.
ඒ වගේම මගේ අදහසක් තියනවා වලින් මේ සයිට් එක Micro Niche වලින් පටන් ගෙන Authority Site එකක් දක්වා වර්ධනය කරන විදිය කියලා දෙන්නත්.
නමුත් ඒ ඔයාලා 100% ක් ඒකට කැප වෙන්න ලෑස්ති නම් පමනක් සහ ඒ වෙනුවෙන් අවංකවම වැඩ කරනවා නම් විතරක්.

ඕනම කෙනෙක්ට පුලුවන් මම මෙතන දාන High Paying Keywords වල CPC ( Cost Per Click Rate ) එක දැනට Update වෙලා තියනවානම් Reply එකකින් පෙන්නලා දෙන්නත් (low traffic high adsense earning).
ඒක අනිත් අයට ලොකු උදවුවක් වේවි අනිවාර්යෙන්ම.

මම දැනට මෙතන පල කරන්න යන High Paying Keywords වලින් කීපයක් හැරුනාම Keywords ගොඩාක් මගේ Insurance සයිට් එක වෙනුවෙන් පාවිච්චි කරලා තියනවා සහ සුලු ට්‍රැෆික් එකකින් වටිනා Post Set එකක් Visitorsලා වෙනුවෙන් ඉදිරිපත් කිරීමෙන් මම දවසකට එක Ad click එකක් ලැබුනත් $300+ උපයන තත්වයට ඇවිත් ඉන්නවා මේ වෙනකොට.
ඒ අදායම ගැන සතුටුයි.

මොකද මම ඒ කිසිම දෙයක් නිකන් ඉදලා, කටට වැටෙනකල්, ලගට වැටෙනකල් බලන් ඉදලා ලබාගනිපු දේවල් නොවෙන නිසාවෙන්ම.
පුදුම විදියේ කැපවීමකින්, මහන්සි වෙලා මේ දේවල් ලබාගත්තේ.
ඒ වගේම පුලුවන් වෙලාවකම අනිත් අයට උදවු කලා.
මම හිතන්නේම ඒ නිසායි මට හරියන්නේ කියලාත්.

මේ ත්‍රෙඩ් එක දාලා ඉවරවුනාම ඊලගට ඉතින් අහන්න එන්න එපා මගේ ඇඩ්සෙන්ස් අදායම කීයද? මගේ ට්‍රැෆික් එක කොච්චරද කියල නම්.
මොකද ඒ ප්‍රශ්න තමන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරගන්න බැරි මිනිස්සු අහන ප්‍රශ්න සහ අනුන්ගේ Status බල බල හූල්ලන මිනිස්සු විදියටයි මට නම් දැනෙන්නේ සහ පේන්නෙත්.
මොකද මාව විනිශ්චය කරාට ඔයාට ලැබෙන දෙයක් නැති නිසාම.
මොකද මට නම් කාලය කියන්නේ සල්ලි විතරයි.

මම ආයෙත් කියන්න කැමතියි නොදන්නා මිනිස්සුන්ට මේක මැජික් එකක් වගේ පෙනේවි.
එහෙම අය මේක නොබැලුවාට කමක් නෑ ඇත්තටම.
ටිකක් කියවනවා ත්‍රෙඩ් දාද්දී. ඒ මාව පොර කරන්න නම් නෙවෙයි.
මගේ ජීවිතේ සැබෑ අත්දැකීම් වලින් සහ ඒ දේවල් කියලා දාද්දී ඔයාගේ හිතට ශක්තියක් ලැබෙනවානම්, ඔයාගෙ හිත ඇතුලේ ඉන්න ඔයාව කම්මැලි කරන කාලකණ්ණි හිතට පහර වදිනවා නම් මගේ ඒ කියවිල්ල සාර්ථකයි.
මොකද දරුනු විදියේ කැපවීමකින්, උත්සාහයකින් ඔයා අද ඉන්න තැනින් ඔයාව ගොඩාක් ඉහලට ගෙනියන්න අනිවාර්යෙන්ම පුලුවන් යාලුවනේ. ඒකට ඕන කරන ශක්තිය ගැබ් වෙලා තියනවා ඔයාගේ හිත ඇතුලේම තැනක.
මම කරන්නේ අන්න ඒ තැනට පාරක් දෙකක් ගහලා ඒක අවුස්සන එක විතරයි.
එතන ඉඳන් ඉදිරියට වැඩ කරගෙන යන එක ඔයාට බොහොම පහසු වේවි එතකොට. මොකද ඔයා වැඩ කරන්නෙ Target එකකට නිසා..

හොදයි ඒ ඇති නේද. නැත්නම් මම ත්‍රෙඩ් එක දානවා වෙනුවට මේ දේවල් කියාවි මුලු ත්‍රෙඩ් එක පුරාවටම.

අපි මේ ත්‍රෙඩ් එකත් කොටස් විදියට යමු.

1.High Paying Keywords ලිස්ට් එක සහ High Paying Keywords කියන්නේ මොනවද!

2.ඇත්තටම Most Profitable Niches කියන්නේ මොනවාද?

3.Micro Niche Site එකක් කියන්නේ මොකද්ද!

4.Micro Niche සයිට් එකක් පටන් ගන්න විදිය..

5.උපරිම විදියට Adsense Revenue එක ලබාගන්න Site එක සකස් කල යුතු අකාරය

6.කොහොමද Micro Niche සයිට් එකකට ට්‍රැෆික් එක ගන්නේ.

7.High Paying Micro Niche Sites හා සම්බන්ධ වන වෙනත් කරුණු කාරණා ගැන

8.මේ High Paying Keywordsම පාවිච්චි කරලා YouTube Videos හදාගන්න විදිය සහ ඒ Videos අපේ සයිට් එකත් එක්ක සම්බන්ධ කරලා, අඩු Views ප්‍රමානයකින් කොහොමද අපේ Adsense Earnings තව තවත් වැඩි කරගන්නේ කියන දේ ගැන දීර්ඝ වශයෙන් පහදා දෙන්න බලාපොරොත්තු වෙනවා

low traffic high adsense earning

LEAVE A REPLY