කොමුපිළි Lingerie

0
679
Lingerie

කොමුපිළි Lingerie

මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි (Lingerie) කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් (underwear) වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා.

Lingerie Panty Glossary

බ්‍රීෆ්ස්

බ්‍රීෆ්ස් වර්ග කීපයක් තියෙනවා. ක්ලැසික්, බොයි ලෙග්, ෆ්‍රෙන්ච් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසු පස ප්‍රදේශය සම්පූර්නයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහල දක්වා ඉදිරියෙන් ආවරනය වෙනවා

Control BriefControl Brief

Classic Brief Classic Brief

Boy Leg Brief Boy Leg Brief

හිප්ස්ටර්ස්

මේ වර්ගයත් බ්‍රීෆ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙලිවන්නේ මේ වර්ගයත් විවිධ හැඩ වලින් එනවා.

Hipster Lingerie Hipster Lingerie

ටැන්ගාස්

මේක ඇමේසන් වනයේ ගෝත්‍රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝනාකාර රෙදි කැබලි දෙකක් ඉනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මේයින් වෙන්නේ.

Tangas Lingerie Tangas Lingerie

බිකිනීස්

බිකිනිය ඉස්සරහ ප්‍රදේශය හා පසුපස හොඳින් ආවරනය කලත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර බිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයෙදී එකතු කළ හැකි අතර, සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. නමුත් ඒවා, එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ද වෙනවා.

Bikini Lingerie Bikini Lingerie

තොන්ග්ස්
සාර්ථක ලිංගික ජීවීතයකට මග පෙන්වන තොන්ග්ස්, ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසු පස ප්‍රදේශය ආවරණය වන්නේම නෑ. මේව ඇඳලා ලෝ වේස්ට් ඩෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකත් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කීපයක් තියෙනවා. ජී ස්ට්‍රින්ග්, වී ස්ට්‍රින්ග්, සී ස්ට්‍රින්ග් සහ චීකී කියලා

Thong Lingerie Thong Lingerie

මෙයින් වඩාත් ජනප්‍රිය චීකී… සී ස්ට්‍රින්ග් කියන එක නවතම සොයාගැනීමක් වගේම යට ඇඳුම් ළොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මෙය රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවා තිබෙනවා. සැටින් වයේ ඇඳුම් අඳින විට, වාටී නොපෙනන ලෙස ඇඳීම සඳහා මෙය නිපදවා තිබෙනවා.

LEAVE A REPLY