ඇසළ පෙරහර මංගල්ලය

0
457
Kandy Esala Perahera

ඇසළ පෙරහර මංගල්ලය Kandy Dalada Perahera

පාලි පරිහාර ශබ්දාර්ථයෙන් බිඳීවිත් සිංහල භාෂා ව්යවහාරයෙහි එන පෙරහැර යන්නෙහි භාවිත වචනාර්ථ කීපයෙක්ම දක්නට ලැබේ. ඉන් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ හා සෙසු උත්තමයන් උදෙසාත් දළදා වහන්සේ වැනි පුජ්ය වස්තුන් විෂයෙහිත් ගෞරව පුද සත්කාරය පිණිස කස කරුවන්, කොඩි සේසත් ගත්තවුන්, නැට්ටුවන්, පංච තූර්ය වාදකයන්, අලි ඇතුන්, ආදීන් පෙළට යෑම අර්ථ ගැන්වී දළදා වහන්සේ විෂයෙහි පූජෝපාහාර පිණිස පෙළට යාම දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර නමින් ප්රකටව පවති.

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්ලයකි. මෙකි පෙරහැර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්රි.ව 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන අයුරු රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. නියෝග කළේය යන්නෙන් එය සනාථ වෙයි. පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක.

තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක……. අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහැර සංවිධානය වු ආකාරය කියවෙයි. මෙසේ අනුරපුර කිත්සිරිමෙවන් මහ රජුගේ පටන් ලක්දිව සියඵ රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර, අන් හැම විටම, දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්වූහ. පොළොන්නරු සමයේ මහා පරාක්රබාහු රජු විසින් ද යටකී පරිදි මහා වංශයේ සඳහන් වන අයුරු රජ ගෙදර පටන් යොදනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලූ සතුන්ගේ වැඩෙහි ඇලුනේ හැම තැන්හි සිතියම් දරන්නා වු ලෝකානන්ද හේතු වු තොරන් කරවා තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පෙරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරන් ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්රචාමර පන්තීන් හා නානා පුෂ්ප කලාපයන් ද, විසිතුරු කොඩියෙන් ද, පුජාවට සුදුසු අන්යවු දෙයින් ද සරසා මාර්ගයාගේ උභය පාර්ශවයත් පළදරන තැඹිලි, කෙසෙල්, පුවක් පොල් ගස් ආදියෙන් හොබවාම නාමල් කළසින් හා පුන් කළසින් ද සරසවා ත්රීදශේන්ද්රයාගේ සුදුසුන් වෙය සෙයින් මාර්ගාමාර්ග දෙක්හි විචක්ෂණ වු රජතෙමේ මාර්ගයන් අලංකාර කරවා දළදා ගෙදොර මාලකයන් අලකා නුවර සේ සත් පුරුෂයන් සතුටු කිරීමෙහි හැකි වු චතුර රජතෙමේ ජනයන් පිනවමින් නොයෙක් පහන් දහසුන්ගේ අලූයෙන් හාත්පස සියළු දිගුන් හා එසේම විදිසාවෙන් එකළුකොට ඡත්රචාමර පන්තීන් ද, විචිත්රධජ පන්තීන් ද, නානා වර්ග පතාකාදියෙන් ද, සියලූ අහස් කුස වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අසුන්ගේ හේසා රාවයෙන් ද, රථයන්ගේ චක්රනාදයෙන් ද, භෙරීන්ගේ භාන්ධාකාරයෙන් ද, සියලූ මංගල සංඛයන්ගේ මනෝහර ශබ්දයෙන් ද, කාහලයන්ගේ ශබ්දයෙන් ද, වන්දීන්ගේ ජය ඝෝෂාවෙන් ද, සාදුකාර ධ්වනියෙන් ද, සියලූ දිගුන් දොඩමලූ කෙරමින් මිහිපල් තෙමේ සර්වාභරණයෙන් විභුෂිත වු රුන්සැක් ආදියෙන් සැදුම් ලද ප්රවර ශෝභා ඇති ඇතකු නැඟී නොයෙක් එකල්හි ඒ මහා මේඝය තෙමේ උත්සව ස්ථානයෙන් බැහැර වැසි දහරින් ගංවතුර ඇත්තේ හැම තැන්හි වැව් පුරවමින් යටකී පරිදි පොළොන්නරු යුගයේ මහා පරාක්රමබාහු රජු සමයේ පැවති ඇසළ පෙරහැර මංගල්ලය අනුරපුර පැවති ඇසළ පෙරහැර මංගල්ලයටත් වඩා විචිතක්රව පැවැත් වූ බව මැනවින් ස්ථුට වේ.

එම විස්තරයට අනුව සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයා ද මහත් රූප ශෝභාවෙන් යුතු වූ නෘත්ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, ජත්ර, චාමර, ධජ පතකාදිය රැුගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේය. වැව් පිරී යන තරමට වර්ෂාව ද පතිත විය. දඹදෙණි රාජධානියෙහි දෙවන පරාක්රමබාහු රජු දවස ද මේ හා සමව පෙරහැර පැවති අයුරු වංශකතාවන්ගෙන් හෙළිවේ. එහිදී තෙමසක් පුරා උත්සව පැවැත්වු බව ද කියවේ. දළදා වහන්සේ වැඩ සිටි සෑම රාජධානියකම පාහේ ඇසළ පෙරහැර පැවැත් වූ බව සිතා ගත හැකිය. ඒ අනුව යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහැර අලි ඇතුන් විශාල සංඛ්යාවකගේ සහභාගිත්වයෙන් කොඩි සේසත් චාමර සහිතව වීදි සංචාරය කළ බව කියවේ. කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්රමබාහු රජු දවස නගරය දෙවිපුරයක් සේ සරහා උතුරුඵමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සම`ග වැඩහුන් කරඩුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරව වඩා යන ලෙස රථයට නැගෙනුව ඉසා, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වඩනාව ඉසා දොරනා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්වනුව ඉසා, රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා, දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා, යනුවෙන් දළදා සිරිත නමැති පොතෙහි සඳහන් ව්යවස්ථාවන්ට අනුව එවකට පෙරහැර පැවති ආකාරය දත හැකිය. දළදා සිරිතෙහි එන චාරිත්ර බොහෝමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි. කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියටත්, එතැන් සිට කෝට්ටේ රාජධානියටත්, ඉන් අනතුරුව සිතාවක රාජධානියේ දෙල්ගමුව රජමහා විහාරයටත්, දළදා වහන්සේ වැඩමවු බව වංශකතාවල සඳහන් වේ. එකි රාජධානින් තුළ ද චිරාගත සාම්ප්රදායානුකුලව ඇසළ පෙරහැර මංගල්ලය පැවැත්වු බව අනාවරණය වේ.

1592 පළමු වන විමලධර්මසුරිය රජු දවස ශ්රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ද ඇසළ පෙරහැර මංගල්ලය පවත්වාගෙන ආ බව සලකා ගත හැකිය. මහනුවර යුගයෙහි දෙවන රාජසිංහ රජු දවස සිරකරුවකුව සිටි රොබට් නොක්ස් දුටු පෙරහැරේ ඉදිරියෙන් කපුරාල කෙනෙකු පට පිළියෙන් ඔතා සරසන ලද ලීයක් කරතබා ගෙන මුඛවාඩම් බැද හස්තියකු පිට නැගි වීදි සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත්, විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් දල නැට්ටුවෝ ද, මේ පෙරහැරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට අනුව එම පෙරහැර දෙවියන්ට කැපවූවක් බව පෙනේ. මෙම කාලපරිච්ෙඡ්දය වන විට ඇසළ පෙරහැර දේවියන්ට පුජෝපහාරය පිණිස පැවති සිව්මහා දේවාලයේ පෙරහැර වශයෙන් පැවැත්වුන බව අණාවරනය වේ. කීර්ති ශ්රී රාජසිංහ රජු (ක්රි.ව 1747 – 1781) දවස ක්රි.ව 1753 දී දළදා පෙරහැර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළවෙලට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහැර මංගල්ලය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහැර මංගල්ලය චිරාගත සම්ප්රදායානුකුලව ශ්රී දළදා මාලිගාව පෙරටුකොට පැවැත්වේ.

ජෝන් ඬේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහැර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාල කොඩි සහිතව ද, ඇතුන් අසුන් ගණනාවක් ද, විවිධ කොඩි චාමර දරන්නෝ ද, රජයේ නිලධාරිහු ද, කඩු ගත්තෝ ද, පලස් දරන්නෝ ද, හෙල්ල දරන්නෝ ද, කොඩි කස්තාන දරන්නෝ ද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝ ද, ශිල්පීහු ද, ස්ත්රීහු ද, ගමන් කළහ. අනතුරුව මහා ජනයා ද ගමන් ගත්හ. මෙම පෙරහැරේ රජතුමා ද මහත් තේජසින් ගමන් ගත්තේය. මෙසේ පෙරහැර නගරය ප්රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය. රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරීහු තමනට ඇති උසස්ම ඇඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩිය ද රැගෙන සිටිති. රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේ ද පැමිණිමෙන් අනතුරුව, රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්රසස්ති ගායනා ආරම්භ විය. රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේදැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන්වු පසු රජුගේ නියමයෙන් පෙරහැර ආරම්භ වේ. වෙල්ලස්සේ දිසාව හා ජෝන් ඬේව් දුටු පෙරහැරේ අනුපිළිවෙල මෙසේ වු බව මුලාශ්රයන්හි දැක්වේ.

1. ලේකම් මිටිය පන්හිද සමඟ ලේකම්
2. හස්තියා මහ කොඩිය සමඟ ගජනායක නිලමේ
3. කොඩි තුවක්කු ලේකම් හා ඔහු පිරිවරාගත් කොඩිතුවක්කු පිරිස හා කොඩිතුවක්කු මහ කොඩිය
4. අත් තුවක්කු හා හතර කෝරළේ දිසාවට අයත් කොඩි සහිත නිලධාරින් හා පිරිස- ඉරහඳ මහ කොඩිය
5. හත් කෝරළේ වැසියෝ- සිංහයා මහ කොඩිය
6. ඌවේ වැසියෝ – හංසයා මහ කොඩිය
7. මාතලේ වැසියෝ – සුදු මහ කොඩිය
8. සබරගමුවේ වැසියෝ – කහපාට පටරෙදි මහ කොඩිය
9. වලපනේ වැසියෝ – මයුර මහ කොඩිය
10. උඩපළාතේ වැසියෝ – නෙල්රම් මල් මහ කොඩිය
11. නුවර කලාවිය – ගජසිංහ මහ කොඩිය
12. වෙල්ලස්සේ කොටියා මහ කොඩිය
13. බිම්තැන්නේ ගිරවා මහ කොඩිය
14. තමන්කඩුව වලහා මහ කොඩිය
15. උඩුනුවර යටිනුවර තුම්පනේ. හාරිස්පත්තුව දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, පාත බුලත්ගම යන රටේ මහත්වරු ඇතුළු කොඩි
16. රෙදි වලින් ආවරණය කරන ලද උණ ලී කැබලි වලින් තැනු රූප
17. කරඩුව රැුගත් මාළිගාවේ ඇතා. ඊට පිටුපසින් සෙසු ඇතුන් පිරවැරු ජනයා
18. නායක්කර් ලේකම් නිල්පාට කොඩිය
19. අතපත්තු ලේකම් කොඩිය
20. වඩන තුවක්කු භාර ලේකම් සුදු පාට කොඩිය
21. වෙඩික්කාර ලේකම් රතුපාට කොඩිය
22. ධජ පතාක ගෙනයන්නවුන්
23. පංචතුර්ය නාදය
24. නැට්ටුවන්
25. දියවඩන නිලමේ
26. සෙසු නිලකරුවෝ
27. නාථ දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
28. විෂ්ණු දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
29. කතරගම දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
30. පත්තිනි දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ පෙරහැර කොඩිතුවක්කු පත්තු කිරීමෙන් ඇරඹිණ.
ඉන් අනතුරුව උස් හඩින් බෙර නලා වාදන ඇසේ. ක්රි.ව 1828 වැන්නේ සර් එඞ්වඞ් බාර්න්ස් ආණ්ඩුකාරතුමාගේ සමයේ දී ශ්රී දළදා වහන්සේ මහ පෙරහැරින් බැහැරට වැඩම වු බව වාර්තාවේ. ඉන් අනතුරුව අද වනතුරු දළදා වහන්සේ ශ්රී දළදා මාලිගාවෙන් බැහැරට වැඩමවු බවක් සඳහන් නොවේ. වර්තමානයේ මංගල හස්තිරාජයා පිට වැඩම වනුයේ සධාතුක ධාතුන් වහන්සේ වැඩසිටින පෙරහැර කරඬුවයි.

ඇසළ පෙරහැර මංගල්ලයේ විශේෂාංග විස්තරය

1. ආරක්ෂක රථය :- ඇසළ පෙරහැර මංගල්ලයට මෑත ඉතිහාසයේදි එක්වු අංගයකි. පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමගින් සිදුවේ.

2. කස කරුවන්- පෙරහැරේ මුලින්ම ගමන් ගන්නා කස කරුවන් තම කස සකස් කර ගනුයේ හණ හෙවත් නියඳ පඳුරු තුළින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිට ගෑවිට මතුවන නුල් ගෙන වේලා සකස්කර ගැනීමෙනි. අඩි 7 ක් පමණ දිගට අග හීන් වනසේ අඹරා බැඳගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වනසේ ලණුවලින් හෝ වෙනත් ද්රව්යයකින් බැද ගැනිම සිරිතය. පැරණියේදි රජදරුවන් බැහැරට ගමන් ගන්නා විට රජු ඉදිරියෙන් කස පුපුරුවමින් යැම සිරිත විය. රජු එන මග ඉඩකඩ සලසා ගැනීමටත්, රජු ලඟ ලඟඑන බව ඇ`ගවීමටත් කස කරුවන් යොදාගන්නා ලදී. එම සිරිත බුද්ධ පුජාමය මංගල්ලයන්හීදි පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා ගැනීමටත්, පෙරහැර ලඟ එන බව සංනිවේදනය කිරීමටත් කස කරුවන් යොදා ගැනීම සිදුවේ. අතිතයේ පෙරහැර පැවැත්වීමේ එක් අරමුණක් වුයේ කලට වැසි ලබාගැනීමය. දළදා කරඩුව දොරට වැඞීමේදී වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවති. කස පිපිරවීම තුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඩ හා ස්වරුපය සංකේතවත් කෙරේ.

3. ගිනිබෝල කරුවන්- පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකමත් කිරීමත් මග හෙලි පෙහෙලි කර දීමත් ලඟ ලඟ එන පෙරහැරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගෙන පෙරහැර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්රීතිය දැනවීමත් මෙමගින් සිදුවේ.

4. බෞද්ධ කොඩි – මේ ලඟ ලඟ ඉදිරියට ඇදෙන්නේ බෞද්ධ ආගමික පෙරහැරක් බව නිරූපණය කර දක්වයි. මෙහිදී එක් ජාතික කොඩියක් ද රැුගෙන යනු ලැබේ. එමගින් මෙම පෙරහැර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.

5. දිසා කොඩිය (රෙදි) – පළමුව හතරකෝරළේ – ඉරහඳ මහ කොඩිය දෙවනුව හත් කෝරළේ සිංහයා මහ කොඩිය ඌවේ හංසයා මහකොඩිය මාතලේ සුදු මහ කොඩිය සබරගමුව කහපාට පටරෙදි මහ කොඩිය තුන් කොරලේ බේරුන්ඩ මහ කොඩිය (දෙහිස් උකුස්සා) වලපනේ මයුර මහ කොඩිය උඩපලාත නෙළුම් මහා කොඩිය නුවර කලාවිය ගජසිංහ මහ කොඩිය වෙල්ලස්සේ කොටියා මහ කොඩිය බිම්තැන්නේ ගිරවා මහ කොඩියා තමන්කඩුව වලහා මහ කොඩිය යන මෙම දිසාවන් 12 සංකේතවත් කෙරෙන දිසා කොඩි 12 ක් ද, 1 උඩුනුවර 6 හේවා හැට 2 යටිනුවර 7 කොත්මලේ 3 තුම්පනේ 8 උඩ බුලත්ගම 4 හාරිස්පත්තුව 9 පාත බුලත්ගම 5 දුම්බර යන නවයට වෙන්වු කොඩි නවය රටේ රාළ වරුන්ගේ යටතේ පැවති රට යන පාලන ඒකකය සංකේතවත් කිරීම සඳහා ද යොදා ගන්නා ලදී. මෙම කොඩි තුළින් ඒ ඒ දිසාව හා රට නියෝජනය කරමින් දිසාවේ වරු හා රටේ රාළලා තම නිල පිරිස සම`ග තමන්ට නියමිත කොඩිය රැුගෙන පෙරහැරට සහභාගි වීම සාම්ප්රදායික චාරිත්රයක් විය. අද එම නිලකරුවන් සම්බන්ධ නොවන නමුත් මෙම කොඩි රැුගෙන යාම තුළින් සංකේතවත් කරනුයේ පැරණි මහනුවර රාජධානියට අයත් දිසා හා රට නිරූපනය කොට එම බලාධිකාරය සංකේතවත් කිරීමයි.

6. පිත්තල දිසා කොඩි – අංක 5 හා බැඳේ.

7. කඩු ගෙනයන්නෝ- පෙරහැරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහැර පෙළගැස්මේ සිට පැවත එන අංගයකි. පෙර රජ දවස රාජකිය හමුදාවේ කඩු ගත් හමුදාව මෙයට සහභාගි වුහ.

8. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ- මහනුවර රාජ සමයේ අවසාන භාගයේ එක්ව තිබූ අංගයකි. අලියෙකු පිට නැගී යන මොහු නිලකරුවන්ගේ රාජකාරි වාර්තා,ශ්රී දළදා මාළිගාවේ දේපල පිළිබද වාර්තා හා පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහා රැුගෙන යාම සිදුකරයි. මොහු සුදු තුප්පොට්ටියකින්, සුදු හැට්ටයකින් හා හිස් වැසුමකින් සැරසී සිටී.

9. හේවිසිකරුවෝ- දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්ය භාණ්ඩයන් භාවිතා කෙරෙති. පුජා හා සංනිවේදනයට විවිධ ගමන් පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහැරේ චමත්කාරය වර්ධනය කරති. එසේම මොවුහු පෙරහැරේ තේජසද ගාම්භීරත්වය ද වර්ධනය කරති. ශ්රී දළදා මාලිගාවේ හේවිසි පරම්පරා හතරම දවුල් කණ්ඩායමට ඇතුලත් වීම සුවිශේෂි ලක්ෂණයකි. දවුල් ගැසීමට පැරණියේදි සමත්කම් දැක්වූවන් අතර වැල්ලේතොට පරපුර, මොළදණ්ඩ පරපුර, හේවාවිස්ස, උඩුවෙල, කහල්ල, උඩුපිහිල්ල යන පරපුරවල් බෙහෙවින් දක්ෂ වූහ. එසේම මෙම පරම්පරා අතර මොළගොඩ, ඉහලවෙල, මාලගම්මන වැනි පරපුරවල් වර්තමානයේදී ද ප්රසිද්ධියට පත්වී ඇත.

10. ගජනායක නිලමේ- රජතමය අංකුසයක් අතින් ගෙන අලියෙකු පිට ගමන් කරන මොහු ඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිටම සංකේතවත් කෙරිණි. පුජාමය මංගල්ලයන්හි අලි ඇතුන් සහභාගි වීම පැරණි රජකාලයේ සිට පැවත එන චාරිත්රයකි. විශේෂයෙන් වැසිබර මේඝය සංකේතවත් කර දැක්විම අලි ඇතුන්ගෙන් ඉටුවේ. අනුරපුර පොළොන්නරුව ආදී පැරණි යුගයන්හි අලි ඇතුන්ට අමතරව අසුන් ද පෙරහැරට සහාගි කරවා ගත් බව දක්නට ලැබේ.

11. හොරණෑ වාදකයෝ – දේශීය පංචතූර්ය වාදනයේ සුසිර කොටසට අදාලව මිහිරි නාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. හේවිසි වාදනයේදී ද හොරණෑව යොදා ගනී. 2006 වසරේ සිට ශ්රී දළදා මාලිගාවේ පෙරහැරට අළුතින් එක් කළ අංගයකි. ජයමංගල ගාථා, ගජගා වන්නම ඇතුළු භක්තිය ප්රකාශවන විවිධ නාද මාලා මෙම හොරණෑ වාදන කණ්ඩායම භාවිතයට ගෙන ඇත.

12. චාමර නැටුම :- ශ්රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතුලු ප්රභුන්ට පවන් සැලීම සඳහා චාමරය යොදාගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජසභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානවී ඇත. මෙවලමක් අතැතිව නර්තනයේ යෙදෙන නිසා මෙය ගැමි නැටුමක් ලෙස ද හැඳින්වීමට හැකිය. එහෙත් මේ සඳහා යොදාගෙන ඇති ගායන සහ චලන දෙස බලන විට ගැමි නැටුමක් වශයෙන් හැඳින්වීමට නොහැකිය. කෙසේ වුව ද හුදු විනෝදය සඳහා සරල බෙර පද හා නර්තන ඇසුරු කර ගනිමින් නිර්මාණය වී ඇති චාමර නැටුම මෙම පෙරහරේ සුවිශේෂ තැනක් ගනී.

13. ලී කෙලි කණ්ඩායම :- ඉතා සරල වූ නැටුම් විශේෂයකි. ගෝත්රික නැටුම් වලින් ශේෂ වූ නර්තන අංගයකි. හුදු විනෝදය ප්රකාශ කිරීම සඳහා සරල බෙරපද සරල කවි, රංග රටා හා සරල චලන යොදා ගනිමින් තාලානුකූලව ලී එකිනෙක ගට්ටනය කරමින් නිර්මාණය වූ ගැමි නැටුම් අංගයකි. උඩරට නැටුම් සම්ප්රදායානුකුලව සකසා ගෙන ඇති මෙම නර්තන කාර්යේදි පැරණියේදි සමත්කම් දැක්වුන් අතර, උඩුවෙල, පරණගම, ෙල්වල, පරපුරවල් ප්රධාන තැනක් ගනි.

14. පන්තේරු කණ්ඩායම- උඩරට නර්තන සම්පප්රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත්සතියල පන්සාලිස්වසල වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දේවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇතිබව ප්රකට මතයකි. ගැටබෙරය හෙවත් උඩරට බෙරය මෙහිදී වාදනය සඳහා යොදාගනී. උඩරට නර්තනයට අදාලව සුවිශේෂ කුසලතා දක්වමින් නර්තනයේ යෙදීම පන්තේරු නැටුමේ විශේෂ ලක්ෂණයකි. හිස බදින රෙද්ද කරවට බදින සුරය, කඩුක්කන්තෝඩු, වළලූ, පිජාමාව, අදින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නට හැකිය. අතීතයේදී ඌරුපොල, වේරකේ, අලපලාවල, බූටාවත්ත, බටුගොඩ, මැදගොඩ, කඩිගමුව, බටගල්ල, පාතහේවාහැට පරපුරවල් නම් දැරූහ.

15. තාලම් කණ්ඩායම :- ගැමි නැටුම් විශේෂයකි. තාල වාද්ය භාණ්ඩයක්වන තාලම්පට අත ඇතිව, සරල නැටුම් හා ඒ සඳහා නියමිත ගායනා යොදා ගනිමින් ගැට බෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරළ නැටුම් අංගයකි.

16. හවඩි ද`ගයා :- ලී කෙළි නැටුමෙන් වර්ධනය වූ චමත්කාර නැටුම් අංගයකි. මෙහි විශේෂත්වය වනුයේ ලී කෙළි නැටුමට යොදාගන්නා පොලූ සහ ලණු යොදා ගනිමින් අලංකාර රටා වියමනක් නිර්මාණය කිරීමයි. කණ්ඩායම වටේට නටමින් මැද කණුවක් යොදාගනිමින් ඒ වටා රටා ගෙතීම සහ එම ගෙතීම නැවත ආපසු යථා පරිදි නිදහස් කිරීම නර්තනයේ යෙදෙමින්ම කෙරෙන සුවිශේෂ කාර්යයකි. මෙයද, ගැමි නැටුම් අංගයකි.

17. නෛයියංඩි කණ්ඩායම- හිසවෙස් ආභරණ රහිතව නෛයන්ඩි රංගාභරණයෙන් සැරසුනු ප්රවීන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්රරදායික නැටුමකි. ගැටබෙරය වාදනය සඳහා යොදා ගන්නා අතර උඩරට නැටුමට අදාලවූ කවි ගායනා යොදාගනී. (කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේනික නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙරාතුව හැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කලඑලි රංගනයට ද යොදා ගනි. අවුල් හැරය, බන්ඩි වළලූ, උරබාහුව, සිලම්බු, රැුළි මන්තය, යට කලිසම, අටිරියක අදින රෙද්ද, පච්චවඩමල ආදියෙන් ඇඳුම් ආයිත්තම් සමන්විත වේ. අතීතයේ වෙස් නැටුමට සමත්කම් දැක්වූයේ නාරම්පනාව, ඇලඔටුව ගල්දොල යන පරපුරවලය. උඩරට නර්තන සම්ප්රදායට අදාලව නර්තන අංගයකි.

18. කඩු සරඹ :- කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්රිය වූ නර්තන අංගයකි. ප්රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

19. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

20. අත් රබන් :- ශ්රී ලංකාවේ රබන් වාදන අතර මහ රබන් අත් රබන් සහ විරිදු රබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකිය. මෙහි අත්රබන් කොටසට අයත්ව අතින් වාදනය කරමින් රබාන කරකවමින් සුවිශේෂවූ ශිල්ප දක්වමින්, උඩ දැමීම දෑත් වටා කර කැපීම ආදි ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාල කවි ගායනා සහ ප්රශස්ථ ගායනා යොදා ගනී. යට කලිසම මදක් ඉහළින් අදි, දුඹුරු පාට රෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇදුම් පැළදුම් වශයෙන් භාවිතා කෙරේ.

21. තාලං නැටුම :- අංක 15 හා බැදේ

22. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

23. වේවැල් නැටුම :- වේවැල් අතින් ගෙන රංග රටා නිර්මාණය කරමින් රංගනයේ යෙදෙන විශේෂිත වූ ගැමි නැටුමකි. මෙහි නැටුමට වඩා ආකර්ශණීය වූ රංග රටා සමූහයකින් යුක්තය. දික්වූ වේවැල් කෙලවර අල්ලාගෙන කණ්ඩායමේ එකිනෙකා මාරුවෙමින් ෙප්රක්ෂක සිත් ඇද ගනිමින් රංගනයේ යෙදේ. ගායන හා වාදන සඳහා විශේෂ තැනක් හිමි නොවේ.

24. උඩැක්කි නැටුම :- ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින් වාදනය කරමින් බුදු ගුණ ගයමින් එයටම ආවේණික වූ රංග වස්ත්රාභරණයකින් සැරසී සරල නැටුමක් ඉදරිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි. පෙරහර අංගයක් වශයෙන් සැකසීමේදී විශේෂිත වූ රංග රටා යොදාගනිමින් අත් වාරු ආදිය ඇතිව වාදනයේ යෙදෙමින් රංගනයේ යෙදේ.

25. නෛයියංඩි කණ්ඩායම :- අංක 17 හා බැදේ

26. කඩු නැටුම් කණ්ඩායම :- අංක 18 හා බැදේ

27. තම්මැට්ටම් වාදන කණ්ඩායම :- පංච තූර්ය්ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි. 2006 වසරේ සිට මෙම පෙරහරට අළුතින් එක්කළ ඉතා වැදගත් වූත් ශාස්ත්රීය වශයෙන් වටිනාකමකින් යුතු වූත් දක්ෂ වාදන කණ්ඩායමකි. තම්මැට්ටම් වාදනය සඳහා උඩුනුවර, ඇරව්වාවල, හේවාවිස්ස, යකාවෙල, රිදීගම යන පරපුරවල් නම්දරා සිටියහ.

28. රබන් රංගන කණ්ඩායම :- අංක 20 හා බැදේ

29. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

30. පතුරු නැටුම් කණ්ඩායම :- ලී පතුරක් අතැතිව නටන ගැමි නැටුමකි. නැටුමට ආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත. ගැමි නැටුමක් වශයෙන් ප්රචලිත වූ පතුරු නැටුම විචිත්ර වූ රංග රටා හා චලන යොදා ගනිමින් තාලයට අනුව අත් හා පාද සමග ඝට්ඨනය කරමින් නර්තනයේ යෙදෙන නිර්මාණාත්මක නර්තන අංගයකි.

31. උඩැක්කි නැටුම :- අංක 24 හා බැදේ

32. වෙස් කණ්ඩායම :- උඩරට නැටුමේ මුදුන් මල් කඩ වූ වෙස් නැටුම ශ්රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්රචලිත නැටුම් විශේෂයකි.ප්රවීන ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. උඩරට නැටුමට අදාල කවි ගායනා කරමින්ප්රරවීන වාදන ශිල්පීන්ගේ බෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස් නැටුමශ්රී දළදා කරඬුව සහ ගරු දියවඩන නිළමේ තුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක් වශයෙන් රංගනයේ යෙදේ. මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ වූ මෙන්ම ගෞරවාදරයට පාත්රවූ නර්තනය වන්නේද උඩරට වෙස් නැටුමයි. මෙම නර්තන අංගය මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයට එක්වී ඇත්තේ ක්රි.ව 1919 සිට බව කියවේ.

33. කාරිය කරවන කෝරාළ- ඔහුට අයත් සුවිශේෂී කාර්යයන් අතර වැඩමවන පෙරහැර කරඬුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ. සුදු තුප්පොට්ටිය, සුදු හැට්ටය හා හිස් වැසුම ඔහුගේ නිල ඇදුමයි.

34. නාගසිංහම්- නානුමුර මංගල්ලය හා විශේෂ උත්සව මංගල්ලයන්හිදි ශ්රී දළදා මාලිගාවේ සිදු කෙරෙන වාදනයන් අතර මෙය ද වැදගත් තැනක් ගනි. නාගසිංහම්, තබ්බෝරුව, උඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑම තුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.

35. උඩු වියන් සහිත පාවඩ මතින් කරඩුව වඩමවන මංගල හස්ති රාජයා සම`ග දෑලේ ඇතුන් දෙදෙනා:- පෙරහැර කරඩුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණ තිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදි. ඉන්පසු බොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදාගෙන ඇත.

36. බෞද්ධ කොඩි 02 රැගෙන යාම

37. කවිකාර මඩුව :- ශ්රී දළදා මාළිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.

38. මල් පහන් ගෙනයන්නෝ- මෙයද පැරණියේ පවතින චාරිත්රයකි. මෑත අතීතයේදි නැවත ඇති විය.

39. වෙස් නැටුම්- අංක 32 හා බැදේ

40. දියවඩන නිලමේතුමා- ක්රි. ව. 1814 සිට දියවඩන නිලමේවරු 19 දෙනෙකු නිල කාර්යයෙහියෙදි ඇති අතර 19 වන දියවඩන නිලමේවරයා වශයෙන් ප්රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම පෙරහැරට සහභාගි වේ.

41. දෙපස මුරායුධ කරුවන් හා මුතුකුඩ

42. බුරුම කොඩි 02 ක්

43. ගම් දහයේ විදානේවරු :- අතීතයේදි විදානේවරු 09 දෙනෙකු සහභාගි වූ අතර වර්තමානයේදී 13 දෙනෙකු සහභාගි වෙති. මොවුහු නිල ඇදුමින් සැරසී දියවඩන නිලමේතුමාට පසු පසින් ගමන් කරති.

44. මෙතැන් සිට දළදා මාලිගාව පෙරහැරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සව්මහා දේවාලයන්හි පෙරහැර අනුපිළිවෙලට ගමන් කෙරෙනු ඇත. සිව්මහා දේවාලයන්හි පෙරහැර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව්මහා දේවාලයන්ගෙන් නාථ විෂ්ණු පත්තිනි දේවාල තුන ශ්රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතරල මහනුවර ශ්රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්රය තුළ ප්රාකාරයකින් වටවී තිබෙනු දැකිය හැකිය. ශ්රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ. ශ්රී නාථ දේවාලය ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්රමබාහු රජු (ක්රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැුගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය. හාවා තමා සැගවී සිටි පදුර අසල ගස්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක් දල කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ. බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේම චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ්රහක්මණයෙකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති. මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩ නැගිල්ලකි. ශ්රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව කියවේ. මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක් තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටස බෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ දල නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් දල හංසයා රථය වශයෙන් ද යොදා ගැනේ. මෙම දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවය. විෂ්ණු දේවාලය ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දස අවතාරයෙන් පෙනිසිටිමින් සියලූ ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්රධාන දේවාල කිපයක්ම දිවයිනේ පිහිටා තිබේ. කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලූත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලූත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව කියවේ. මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලය වශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනු ලැබීමේ චාරිත්රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි. කතරගම දේවාලය 14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසරේදි වඩාත් ජනප්රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි. පත්තිනි දේවාලය ශ්රී දළදා මාලිගා චතුරස්රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්රවාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් දල තවත් වරෙක මලෙන් ද තවත් වරෙක නයි කදුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් දල තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත් වරෙක හෙණෙන් ද, අවසන අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ. විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ අදහති. පත්තිනි දේවාලයේ පෙරහැර ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්රතිමා වහන්සේ නමකි.

41. දෙපස මුරායුධ කරුවන් හා මුතුකුඩය :-

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්ලයකි

ඇසළ පෙරහර මංගල්ලය Kandy Esala Perahera

The month of Esala (July), during which period this annual pageant is usually held, had been considered a month of celebrations and festivity, both among Indians and Sri Lankans. Even from the lifetime of the Buddha in the 6th century BC, the Esala festival was held to commemorate the Buddha’s Conception, his Renunciation and the First Sermon. Esala is also considered to be the beginning of the raining season (Vassana) when the monks commence their Retreat. Also, this month is considered to be the period when ritual performances to the protective divinities are held, (eg Pattini puja) as recorded in the text ‘Pattini-Halla’. Being considered a ‘chaste’ month, the period is held sacred for the availability of water, hence prosperity. Several records have been left behind by dignitaries and other visitors to the island such as Robert Knox, John Davy, etc. The description of the perahara. These accounts provide much evidence as to the constitution and organization of the present day perahara. Yet many features seem to have been added and some changed to suit the time and the available resources and conditions.Dalada procession and the social traditions are linked so much together; the month of Esala has been named as the procession month, because of the Esala feast. In the 18th century at the time of King Keerthi Sri Rajasinghe the four Devala Peraharas and Dalada Perahara were amalgamated and were made series of Peraharas.

The procession is a complex procedure in which various customs are involved. The preliminary preparation for the perahara commences at the beginning of every year. Immediately after the Wesak and Poson pageants steps are taken to inform the owners of elephants the number of tuskers and elephant required measures of repair the dresses worn by the elephants and prepare new dress if required. Measures are taken to repair the required implements like oil torches etc and to fulfill the requirements to make the perahara a success. The astrologer attached to the Sacred Tooth (Nakath Mohottala) is required to prepare an auspicious time for pageant to be inaugurated. Later a meeting of state official and delegates of voluntary associations with the patronage of the Mahasangha is summoned to discuss matters pertaining to services to be executed to make the perahara a glorious event.

Kumbal Perhara (Kumbal Procession)

• The first procession of the Sacred Tooth Relic stars with the Kumbal Perhara. This is the first Kumbal Perhara shown to the infants to drive away Evil Spells and Illwill. It is a tradition that the procession parades the streets of Kandy for five days. But the Kumbal Perahara is popular and remains as an unfinished procession or a semi procession. The reason is that Nilames do not work in this procession. But the Drummers and Tuskers take part without any ceremonial costumes.

Randoli Perhara (Randoli Procession)

• This could be seen only with the procession of the Sacred Tooth Relic and parade the streets for whole five days which is a tradition. In the days of the Kings the Chief Queen of the Kings paraded in this procession in Palanquins. As the participation of the Queens was not proper to the procession of the Sacred Tooth Relic they were stopped but a palanquin is taken in the procession as an honor to the Queen. Today it is taken as the last item of the procession.

Maha Randoli Perhara (Grand Randoli Procession)

• The Maha Randoli Perahara is the last Procession. It is the grandest event of the festival. The Tuskers come with garlands and decorated with ceremonial costumes. The Diyawadana Nilame adds a novel glamour to the procession by wearing newly stitched costume.

SOME OF THE MAIN EVENTS IN PERAHARA.

The Permission

• Until the sound of shots for the start of the procession is heard the tuskers, drummers, dancers and other artistes are lined up. Permission for the start of the procession is granted by Diyawadana Nilame. All the officials Kariya Korala, Gajanayake, Kapuwas Vidanes, Kankanam Rala, Mohottala and Wattorurala greet the Diawadana Nilame and proceed. These traditions are carried out regularly

Sound of Shots in the Perhara

• It is the custom to fire three rounds of shots before commencement of the pageant. At the first sound the processions of the four devalas line up and move to join the procession of the Maligawa. The Second sounds indicate that the casket is placed in the Ranhilige on the ceremonial tusker. The Third sound indicates that the pageant is set off.

Kasakaruwo (Whip Crackers)

• When the procession parades the streets the first participants you see are the whip crackers. It is believed that the noise of the whips depicts thunder and lightning. There are thirty of them. They intimate the arrival of the King. Generally they are used to make room for the Sacred Tooth Relic to be taken in the procession.

Buddhist Flags

• To indicate that Kumbal Perahra and Randoli Perahahra are Buddhist rituals, Buddhist flags are taken in the procession. The youth clad in white cloth carrying Buddhist flags and their solemn walk is a spiritual and pleasant sight. The cool breeze from the Kandy Lake and the colours of the Buddhist flags add glamour to the procession.

Provincial Flag Bearers

• According to the traditions of Kandy era the provincial flags are added to the procession and at that time Nilames in charge of provinces carry these flags. This tradition could be seen even today. First is the Sun and Moon flag of Sathara Koralaya, second the white flag of Matale, third the Silk flag of Sathara Koralaya,second the white flag of Matale, third the Silk flag of Sabaragamuwa, fourth the mythical bird of Thun Koralaya,the flag of the Peacock of Uva Walapane and the flag of the Lotus Flower of Uda Palatha taken in the Procession.

Sword Carriers

• From the time, the Sacred Tooth Relic arrived in Sri Lanka and established in the temple it faced so many hostilities and hazards. However the swords which were raised to prevent these hostilities are remembered by the feature of these sword bearers in the procession. They walk with raised swords along the path of the procession of the Sacred Tooth Relic. They do not perform any dance but walk.

Fire Ball Dancers

• The glow of lightning is magnificently shown by these Fire Ball Dancers. Turning of the Fire Balls is called ‘Pandampaliya’ which drives darkness of the night illuminating the procession.This Fire Ball Display is dangerous but with a balanced mind and body it is a simple exercise.

Peramune Rala (Front Runner)

• Traditionally after the whip crackers comes the Peramune Rala on a tusker with his set of documents of tailpots containing the religious activities of procession of the Sacred Tooth Relic as well the duties with regard to the properties of the temple of the Sacred Tooth Relic. This set of documents should be taken with both of his hands.He wears a white costume and a triangular hat(Thuppottiya).

First Hewisi Group

• They come behind the tusker with the Peramune Rala (Front Runner). They are the first four Hewisi Players of the Temple. Their Presence in the front of the procession is a tradition. They Perform with a majestic skill.

Gajanayake Nilame

• He is in charge of the group of tuskers of the King. Symboling this Gajanayaka Nilame walks as if he is in charge of the Elephants and tuskers who walk as if he is in charge of all the Elephants and tuskers who walk in the procession. As a tradition Diyawadana Nilame hands over a Goad to Gajanayake Nilame. He carries this pointing it to the sky and walks majestically dressed in a colourful costume.

Drummers

• These hereditary Drum Beaters beat their drums as a religious ritual to the Sacred Tooth Relic. The procession consists of a collection of several generations of Drum Beaters who play the tunes pertaining to their own tribe. Start of the beat,Welcoming beat,Walking beat,Walinada beat are performed. These professional musicians perform with great respect and honor.

Horanekaruwo (Trumpet Blowers)

• Trumpet is a well tuned instrument and is to be mastered. It has been popularized as the sound of Dalada Perahara. The tune Gajaga Wannama is well played right throughout the procession.Trumpet is made with skills pertaining to generations. It is an essential instrument of the Dalada Procession. White dress red cotton belts and shoulder are parts of the trumpet blower’s costumes and bare chests.

Coconut Flower Dancers

• Coconut Flower is the symbol of prosperity. That is because they decorate the Punkalasa with Coconut flowers. The purpose of the Dalada Perahara is to wish prosperity to the country. To symbolize this, dancers carry coconut flowers in their hands. They perform a simple dance reciting verses changing the coconut flower from hand to hand.

Thammattamkaruwo (Thammattam Players)

• The drum tied round the waist produce the rhythm by beating with the help of two sticks. The hands and feet are free for them to dance and play the drum easily. Their costumes are made of white and red cloth.

ඇසළ පෙරහර මංගල්ලය Kandy Esala Perahera

LEAVE A REPLY