Gotukola (Centella) ගොටුකොළ

0
652
Gotukola Centella

Gotukola (Centella)

ගොටුකොළ

මෙය ප්‍රණීත එළවළුවකි. බොහෝ ඖශධිය ගුණ සහිත ශාකයකි. මෙය ගැන නොදන්නා කෙනෙක් නොමැති තරමට ජනතාව අතර ජනප්‍රිය වේ.

උද්භිත විද්‍යා නාමය: Centella asiatica (L)

කුළය / Family: Apiaceae

සිංහල නාමය: ගොටුකොළ/Gotukola

සංස්කෘත නාමය: බ්‍රාහ්මි

ඉංග්‍රීසි නාමය: Indian Penny Wort

වැවෙන ස්ථාන

තෙතමනය ප්‍රිය කරයි. බැවුම්වල මෙන්ම කදු මුදුන්වලද පැළවේ.

ස්වරුපය

කදෙහි තැනින් තැන ගැටිති ඇත. ගැටිති වලින් ද මුල් ඇදෙ. ලතාවකි. පත්‍රවල තරමක් දිගැති නටු පවතී. කොළ වෘර්තකරය. කදෙහි දෙපසට පත්‍ර පිහිටයි. ගෙඩි ඉතා කුඩාය. ලපටි පත්‍රවල යටිපස සියුම් කෙදි පවතී. මල් පොකුරු සහිතව පිහිටයි. රෝස පාටයි. වර්ග 2ක කි. මහ ගොටුකොළ සහ හීන් ගොටුකොළ වශයෙනි.

ඖශධ සදහා යෙදිය හැකි අංග

පන්චාගයම

සුවකළ හැකි රෝග

නාඩි ගත රෝග, චර්ම රෝග, රුධිරය හා සම්බන්ධ රෝග, ක්‍රිමි රෝගවනාතර මෙය යහපත් මුත්‍රාකාරකයක් ද වන්නේය. සිරුරේ ශක්තිය වඩවයි. ළමා මනස මෙන්ම ධාරණ ශක්තිය වර්ධනය කරවයි. හීන වී ගිය ශරීර සෞඛ්‍ය තත්වය නගසිටුවීමෙහිලාද මහෝපකාරී වේ.

Gotukola (Centella)

Botanical name:- Centella asiatica

Family name:- Apiaceae

English name:- Penny wort

Tamil name: parni, vallarai

Sanskirt name :- Mandukaparni, Brahmi

Edibal parts:- Leaves

Distribution:- Sri Lanka, China, India , Malaya , Mauritius, Madagascar, East and South Africa, Turkey, United States.

Ayurvedic usage:- Diarrohea, Rheumatism, Dysentery, Depression, Ear diseases, Genital disorders, Febrifuge, Nervous system disprders, Paralysis, Spasms, Pains,Kidney diseases, Parasites, Leprosy, Lactation disorders, Skin and muscosal diseases, Arthritis,

Parts used to make medicine:- Whole plant

Propagation:- Seeds

LEAVE A REPLY