පහසුවෙන් සිංහලෙන් type කරමු

0
1078
Sinhala Sinhalen

පහසුවෙන් සිංහලෙන් type කරමු

සිංහලෙන් type කිරීමේ ක්‍රම

මෑත කාලයේ සිංහල බසින් type කිරීම ඉතාම පහසු කාර්යකි.
අතීතයේ විවිධ ක්‍රම මේ සදහා භාවිතා කල අතර ඒවා සංකීර්ණ මෙන්ම ඉතා අපහසු කටයුත්තක් උනා.
නමුත් පසුකාලීනව මේ සදහා unicode සංකල්පය මත පදනම්ව සහ Google ආයතනය මෑතකදී හදුන්වා දුන් google ආදාන මෙවලම්
නොහොත් Google Input Tools මගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සිංහල බසින් ඕනෑම දෙයක් type කරගැනීමේ
හැකියාව ඔබ සතුයි.

Google ආදාන මෙවලම් (Google Input Tools) මගින් මෙය ආකාර කිහිපයකට සිදුකරගැනීමට ඔබට පහසුකම් සපයා ඇත.

  1. අන්තර්ජාලය (Internet) හිදී

පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට සිංග්ලිෂ් (singlish) ආකාරයට, එනම් සිංහල වචන වලට අදාල ඉංග්‍රීසි අකුරු type කිරීම
මගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සිංහල බසින් type කිරීම කල හැක.

සටහන: ඔබ “sinhala” යන්න තෝරාගන්න, ඊට පසු type කරගෙන යන්න. අදාළ දිගුවෙන් ගැලපෙන සිංහල වචනය තෝරාගන්න.

Google ආදාන මෙවලම් (Google Input Tools)

Google Input Sinhala

Google Sinhala Typing

2. ඔබගේ පරිගණකය තුලට install කිරීම මගින් පහසුවෙන් සිංහලෙන් type කරමු.

පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට නොමිලේ එය download කරගත හැකි අතර ඉන්පසු ඔබගේ පරිගණකයට install කරගන්න.
ඊට පසු ඔබගේ language(භාෂා) icon එක මත පහත පරිදි ENG සහ SI ලෙස ඉංග්‍රීසි සහ සිංහල බසින් type කිරීම කල හැක.

සටහන: ඔබගේ ජංගම දුරකතනයටද(smart ෆොනේ) මෙලෙසම install කිරීමේ හැකියාව ඇත.

Google ආදාන මෙවලම් for Windows

Sinhala Tools Windows

Google Input Sinhala

 

3. Google chrome මත හෝ Google service මතදී පහසුවෙන් සිංහලෙන් type කරමු.

Google chrome මතට දිගුවක්(extension) එකක් ලෙස පහත පරිදි මෙය install කරගත හැකිය.

නැතහොත් Google service මතදී IME භාවිතයෙන් ඉංග්‍රීසි අකුරු කිහිපයක සංකලනයන් වෙනත් භාෂාවක අකුරක් ලෙස
ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

Google chrome මත

Sinhala Chrome

Sinhala Google Service

සිංහල Unicode (යුනිකෝඩ්) එසැනින් පරිවර්තනය

මේ සදහා පහත පරිදි එසැනින් පරිවර්තනය වන unicode අධාරයෙන්ද සිංග්ලිෂ් (singlish) ආකාරයට සිංහල බසින් පහසුවෙන් සිංහලෙන් type කරමු.

Sinhala Unicode

විවිධ සිංහල unicode පරිවර්තනයන් කිහිපයක්

LEAVE A REPLY