Binary Options Types Sinhala Easy Guide

3
512
Binary Options Types
සරුසාර අනාගතයක් සඳහා ශක්තිමත් පදනමක්… #sarusara | Sri Lankan Investor Community

Binary Options Types

Binary Options වර්ග

අපි trade කරන binary options වර්ගය තමයි Binary Options Trading වලදී payout එක රඳා පවතින ප්‍රධානතම සාධකය වෙන්නේ. සරලම Binary Option වර්ගය වෙන Up/Down Options වලදී 70-85% වෙන Payout Ratio එක සමහර options වර්ග වලදී 200%-400% තරම් විශාල අගයන් වලටත්, උපරිම වශයෙන් 800% තරම් ඉහළ අගයක් දක්වාත් වෙන්න පුළුවන්.

ප්‍රධාන වශයෙන්ම binary options වර්ග 3ක් තියෙනවා. අනිත් ගොඩක් options වර්ග නිර්මාණය කරලා තියෙන්නේ මේ 3නේ ව්‍යුත්පන්න විදිහටයි.

  1. Up/Down Options
  2. Touch Options
  3. Range Options

Up/Down Options

High/Low Options, Up/Down Options නැතිනම් Above/Below Options කියලා කියන්නේ Options Trading වල තියෙන සරලම වර්ගයේ Options වර්ගය කියලා කිව්වොත් නිවැරදියි. ඒ වගේම වඩාත් ජනප්‍රියම Binary Options වර්ගයත් මේකම තමයි.

ඔයාගේ අද්දැකීම් සහ විශ්ලේෂණ ක්‍රම අනුව ඔයා හිතනවා නම් අදාළ Option එක expire වෙනකොට Strike Price එකට වඩා Market Price එක වැඩි වෙනවා කියලා  ඔයා කරන්නේ Call Option එකක් මිලදී ගන්න එකයි. ඒ වගේම අදාළ Option එක expire වෙනකොට Strike Price එකට වඩා Market Price එක අඩු වෙනවා නම් ඔයා කරන්නේ Put Option එකක් මිලදී ගන්න එකයි.

සරලයි නේද?

High/Low Options වල තියෙන සරලකම නිසාම කොහෙද මේවාට තියෙන payout ratio එක අනිත් options වර්ග වලට වඩා ගොඩාක් අඩුයි. Brokerගේ හැටියට වෙනස් වුණත් Binary Options වල සාමාන්‍ය Payout Ratio එක 70%-90% අතර වෙනවා.

සාමාන්‍යයෙන් High/Low Option Trade එකක expiry period එක 1 hour විතර වුණත් ගොඩාක් brokersලා විනාඩි ගණනකින් වගේම තත්පර ගණනකින් expire වෙන options වර්ගත් offer කරනවා. හොඳට හිතලා බලලා risk එක control කරන එක තියෙන්නේ ඔයාගේ අතේ.

Touch Options

One Touch Options

මේ Binary Options වර්ගයේදී expire වෙනකොට market price එක තියෙන තැන වැදගත් නැහැ. මේ වර්ගයේ option trade එකක් profitable වෙන්න ඕනේ එකම දේ තමයි අදාළ කාල සීමාව තුලදී, ඒ කියන්නේ option trade එක expire වෙන්න කලින් අඩුම තරමේ එක පාරක් හරි strike price එක Touch කිරීම විතරයි.

No Touch Options

මේ options වර්ගයේදී trade එකක් profitable වෙන්න නම් තියෙන්න ඕනේ expiry එකට කලින් strike price එක Touch නොකිරීමයි.

Touch option trades හැම වෙලාවේම available නැහැ. තිබුණත් තියෙන්නේ අදාළ දවසේ තෝරාගත් වෙලාවල් වල විතරයි. සමහර binary options brokersලා සාමාන්‍යයෙන් trading සිදු නොවෙන සති අන්තයට 250%-400% වගේ high payouts තියෙන touch trades offer කරනවා.

Volatility වැඩි දවස් වලට තමයි touch option trading කරන්න වඩාත් සුදුසු වෙන්නේ. ඒ වගේම Volatility හොඳටම වැඩි වෙලා තිබුණ market එකක් ආපහු calm-down වෙනකොට trade කරන්න සුදුසු වෙන්නේ No Touch Options වර්ගයි.

මේ Touch/No Touch options වල ඊළඟ level එක තමයි. Double Touch, Double No Touch කියලා කියන්නේ. මේ options වර්ගය Touch/No Touch වලට වඩා වෙනස් වෙන්නේ Strike Prices දෙකක් තිබීමෙනුයි. Asset එකේ price එක කලින් කතාකරගත්ත price levels 2ක් touch කරන්න හරි touch නොකර ඉන්න හරි ඕනේ.

Range Options

Trading Range, Boundary එහෙමත් නැතිනම් Tunnel Options ප්‍රධාන ආකාර දෙකකට තියෙනවා.

  • In-Range Options
  • Out-of-Range Options

In-Range Options

ඔයාගේ analysis method එක අනුව අදාළ asset එකේ price එක trade expiry එකට කලින් pre-determined trading range එකක් ඇතුලත දෝලනය වෙමින් තියෙනවා කියලා ඔයා හිතනවා නම් කරන්න තියෙන්නේ In-Range option එකක් buy කරන එකයි.

Out-of-Range Options

මෙතැනදී වෙන්නේ Range Bound Options වලදී සිදුවන එකේ අනිත් පැත්තයි. සමහර brokersලා විතරයි මේ options වර්ගය offer කරන්නේ. මේ වර්ගයේ option එකක් buy කරන කොට ඔයා හිතන්නේ expiry එක වෙනකොට අදාළ asset එකේ price එක කලින් සලකන ලද range එකකින් පිට තමයි තියෙන්නේ කියලා.

Range Options Trade කරන්න වඩාත් සුදුසු වෙන්නේ volatility එක අවම වෙලාවල් වලට විතරයි. විශේෂයෙන් ම trend reversal දවස් වල, එහෙමත් නැතිනම් ගොඩක් දවස් වල Asian Trading Session එකෙදිත් Range Options trade කරන්න සුදුසු වෙනවා.

මීළඟ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ Binary Options Trading සහ Forex Trading සංසන්දනය කරන්න.

මොකද හිතන්නේ Binary Options Trading ගැන ලියවෙන මේ සටහන් series එක ගැන? මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවනම් ඉක්මනටම මට කියන්න.

binary options types

3. කලින් පියවර                                                                                        5. ඊළඟ පියවර

සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න!
Source: Sarusara.com

3 COMMENTS

LEAVE A REPLY